«

»

Jun
22

Daham Deseema – Shasanavatharanaya, Ven Rerukane Chandawimala Thero

දහම් දෙසීම සම්බන්ධයෙන් දැන ගත යුතු කරුණු – අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමියන් වහන්සෙගේ ශාසනාවතරණය පොතෙන් පිටපත් කර ගන්නා ලදී. පිටු අංක 208 සිට 210 දක්වා 

බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ධර්ම දේශකයනට ධර්ම ආසනයේ අසුන් ගැනීමට ප්‍රථම පහත සදහන් ගුණධර්මයන් තමා තුල පවතී ද යන්න සිති ය යුතු ව ඇත. එම ගුණාංග තමා තුල පැවතිය යුතු බවත්, නො පැවතුනේ ද එය ඔවුනගේ විනාශය පිණිසම හේතු වන බව මෙම ධර්ම කොටස් පරිශීලනය කිරීමේ දි මොනවට පැහැදිළි වේ.

ආනන්දය, අනුන්ට දහම් දෙසීම පහසු නැත. ආනන්දය අනුන්ට දහම් දෙසන්නහු විසින් කරුණු පසක් තමා තුල තබා ගෙන අනුන්ට දහම් දෙසිය යුතු ය. කවර කරුණු පසෙක් ද? යත්:-දාන කථා ශීලකථාදි වශයෙන් පිළිවෙලින් කරන කථාවක් කරමි යි, කරුණු දැක්වීම වශයෙන් කරන කථාවක්, දුකට පත් සත්වයන් ඉන් මුදවමීය වශයෙන් කරන කථාවක්, යම්කිසි ආමිෂයක් නිසා මේ ධර්ම කථාව නො කරමි, තමාගේ ද අනුන්ගේ ද ගුණ නො නසා කථාවක් කරමි යි අනුන්ට දහම් දෙසිය යුතු ය…… 

Read
Download

 

තවත් ත්‍රිපිටකයෙන් උදාහරනයක් :-‘න ඛො, ආනන්‌ද , සුකරං පරෙසං ධම්‌මං දෙසෙතුං. පරෙසං, ආනන්‌ද, ධම්‌මං දෙසෙන්‌තෙන පඤ්‌ච ධම්‌මෙ අජ්‌ඣත්‌තං උපට්‌ඨාපෙත්‌වා පරෙසං ධම්‌මො දෙසෙතබ්‌බො. කතමෙ පඤ්‌ච?     උදායීසුත්‌තං, අඞ්‌ගුත්‌තරනිකාය4 , පඤ්‌චකනිපාතපාළි, සද්‌ධම්‌මවග්‌ගො පිටු අංක 300

 

 

 

ශාසනාවතරණය සම්පූර්ණ පොත බා ගැනීමට

Download

.


1 comment

No ping yet

  1. Root Admin
    Root Admin says:

    අද බොහෝමයක් බෞද්ධයන් ධර්මය සම්බධව තම තමන්ගේ පෞද්ගලික මතවාදය සාදරණීකරනයට ඉදිරිපත් කරන්නේ බුද්ධ වචනය ඇතුලත් ත්‍රිපිටක ධර්ම. නමුත් මෙම සූත්‍ර ධර්මයනට අදාල මුලු සූත්‍රයම ඔවුන් ඉදිරිපත් කරන්නේ නැත. අප බුදුරජාණන් වහන්සේ දේශනා කොට වඳාළ හැම සූත්‍රයකම බුදුරජාණන් වහන්සෙගේ අරමුණ මුළු සූත්‍රය අවබෝධයෙන් කියවීම මතයි එහි නියම අරුත ලැබෙන්නේ. එය අප කවුරුත් පිළි ගත යුතු කරුණකි. මෙසේ කොටස් පමණක් පල කිරීමෙන් සිදු වන්නේ තම තමන් නිවැරදි බව පෙන්වීමේ සදහා ත්‍රිපිටකෙයේ තමාට වාසි වන දේ පමණක් භාවිතා කිරීමෙන් බුද්ධ වචනය වැරදි කොනින් අල්ලා ගැනීමක් ලෙසට පත්වීමයි. එය  නිවැරදි කළ හැකිය. කළ යුත්තේ තම තමන්ගේ  සාදාරණීකරනයට අදාල මුළු සූත්‍රයම ගෙන, එසේත් නැත්නම් එහි කොටසක් ගෙන තමන්ගේ  විග්‍රහය සදහන් කර නමුත් එම ස්ථානයේම සම්පූර්ණ සූත්‍රය ද  මුළු මහත් බෞද්ධයන්ගේ අවබෝධය පිණිස එකතු කිරීමයි.එසේ කිරීමට අප කවුරුත් දැඩිව සිතේ ධාරනය කර ගත හොත් මේ පිරිසිදු වූ ශ්‍රී සද්ධර්මය චිරාත් කාලයක් අප අතරේ තිබෙනු ඇත. අනික බුද්ධ වචනය තම තමාගේ වාසියට හරවා ගෙන, වෙනස් කිරීමෙන් සිදු කරගන්නා පාපයන්ගෙනුත් ගැලවීමට හේතු වන වා ඇත.

    සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !

Leave a Reply

Your email address will not be published.

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>