Veera Puran Appu

නිදහස්‌ සටනේ පළමු වෙඩිමුරය තැබූ පුරන් අප්පු

ජාතිය උදෙසා දිවිපිදූ පුරන් අප්පු හෙවත් ප්‍රැන්සිස්‌කු ක. ප්‍රනාන්දු ශ්‍රී මහා බෝධි ශාඛාව සමග පැමිණිය වුන්ගේ පරපුරකින් පැවත ආ උඩරට වෙළෙ¹මේ නියුක්‌තව සිටි වතු හිමියකු වූ වීරබල ජයසූරිය කුරුඋතුම්පාල අත්ථදේව ගුණරත්න පටබැඳිගේ කලිස්‌තෝරු ප්‍රනාන්දු සහ ශ්‍රී ලක්‌ විජය සිංකිත් වර්ණ මාණ්‌ණ දිසානායක සපරමාදු නානායක්‌කාර ලක්‍ෂපති මහා විදානලාගේ හෙලේනා නෝනිස්‌ යන දම්පතින්ගේ එකම දරුවා විය………

බෞද්ධ ශාසනයේ නියම සංවර්ධනයක්‌ මේ කාලය තුළ නොතිබුණු හෙයින් සිංහල ජාතියට, උරුමයට කැක්‌කුමක්‌, ලැදියාවක්‌ ඇති මහා සංඝයා වහන්සේ තම සහාය පුරන් අප්පුවට දෙන බව ගිවිසුම් දුන්හ. සංඝයා වහන්සේගේ ඇට මස්‌ රුහිරු ඔස්‌සේ ශාසනය හා සිංහල භාෂාව ආරක්‌ෂා කිරීමේ පරම අධිෂ්ඨාන ඇතිව කුමන දේශපාලන විප්ලවයකට හෝ ආධාර උපකාර දීමටත් මහජනයාගේ ජාතික හැඟීම් වලට පුනර්ජීවනයක්‌ දීමටත් ක්‍රියා කළහ.

බලකඩුව දුර්ගය අසලදී ඉංගිරිසින්ට විරුද්ධව දෙන ලද පහර එතරම් සඵල නොවූයේ බලාපොරොත්තු සේනාවන් නොපැමිණි නිසාය. බලාපොරොත්තු වූ යුද සේනාවන් ඇතුළු රූකඩ රජවරුන් නියම වේලාවට සහ ස්‌ථීර කරගත් දිනයට පැමිණීමට නොහැකි විය. මේ අවස්‌ථාවේදී රජුට ආධාර දීම සඳහා සිටි අගමැති රත්වත්තේ අදිකාරී මහතා ඇතුළු විශාල පිරිසක්‌ පැන ගියෝය. වර්ෂ 1848 අගෝස්‌තු මස 2 වැනිදා පුරන්අප්පු රජු ඉංගී්‍රසින් විසින් අල්ලා ගන්නා ලදී.මා වාගේ විර්යවත්, ධෛර්යවත් වීරයන් හතර දෙනෙක්‌ සිටියේ නම් මේ වීර සන්නද්ධයා සුදු ගෙරියා මෙරටින් පන්නා දමනවා ඇතැයි පුරන් අප්පු කීවේය.

වෙඩි පහරවල් දොළහක්‌ම එක පිට එක ඔහුගේ සිරුර පසා කරගෙන යද්දී සුද්දන් මේ රටින් එලවීමේ පරම අධිෂ්ඨානය ඔවුගේ සිතේ තිබුණු නිසා එඩිතර බව හා නිර්භීත භාවය හේ පෙන්වීය. එහෙත් දහතුන් වැනි වෙඩි පහර වැදෙත්ම මේ ශ්‍රෝෂ්ඨ සිංහලයාගේ හද දෙපළු වූයෙන් (වර්ෂ 1848 අගොස්‌තු මස 8 වැනි අඟහරුවාදා) අවසාන හුස්‌ම හෙළීය.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Veera_Puran_Appu.pdf[/pdf]

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13094

Leave a Reply