Masmansa Anubhawaya saha Rasa Thrushnawa මස්මාංශ අනුභවය සහ රස තෘෂ්ණාව

Meat_Eaterමානව ඉතිහාසයෙහි මෙන්ම අද දිනයේදීත් හෙට දිනයේදීත් විවාදයට බඳුන් වුණ බඳුන් වන ප්‍රශ්න අතරින් ‘ නිර්මාංශ ආහාර ප්‍රශ්නය’ වැදගත් තැනක් ගනී. කිසි දිනෙක නිශ්චිත, ප්‍රමාණවත් පිළිතුරක් නොලැබෙන තර්ක විතර්කයන්ට ම භාජනය වෙමින් අතීතයෙන් අනාගතයට දිවෙන ප්‍රශ්නයකි මෙය. කොටසක් බෞද්ධයෝ නිර්මාංශ නොවිය යුතු බව කියා තර්ක කරති. කෙස් පැළෙන තරමේ තර්ක ඉදිරිපත් කරති. මස්මාංස කමින් තමන්ගේ සුඛ විහරනය සදහා ධර්ම ප්‍රචාරයේ හැසිරෙන සමහර ගිහි පිරිස්, තමන් ඒ කටයුතු කරමින් මස්මාංස කෑම වරදක් නො වන බව ත්‍රිපිටකයේ ඇති බවත් කියමින්, බුදුහාමුදුරුවෝ ඒ සම්බන්ධ ව මේ මේ දේ ප්‍රකාශ කර ඇතැයි  පෙළ අටුවා ආදී ග්‍රන්ථ ඇසුරින් කරුණු දක්වති. ඒ තුලින් ඔවුන්ගේ කථාවන් අසන අහිංසක බෞද්ධයන්ට ද එසේම මාංස කෑම ට යොමු කිරීමත් මොන තරම් දුරට සදාචාරාත්මක ද කියා සිතිය යුතු ව ඇත.

 මේ ‘මාංශ’ යන වචනයෙන් මඳක් ඉවත් වී බුදු හිමියන් දේශනා කළ ‘රස තෘෂ්ණාව‘ ගැන විමසා බලන්නේ නම්, ඉගෙන ගන්නේ නම් බෞද්ධයා සිටිය යුතු ස්ථානය සහ රැකිය යුතු පිළිවෙත මනාව පැහැදිලි වනු ඇත. එමගින් ඉහත ප්‍රශ්නයද නොවැදගත්ව ඉවතට ඇදී යනු නො අනුමානය.

අද කාලයේ මෙම මස් මාංස අනුභවය නො යෙකුත් රෝගාබාධයන්ට විශේෂයෙන් හදවත් රෝග වලට කෙලින්ම හේතු වන බවත් මස් මාංස වලට වඩා පෝෂණය එලවළු, පලා, ධාන්‍ය වර්ග වලින් ලැබෙන බව විද්‍යාත්මකව ඔප්පු වී හමාරය. මස් මාංස කන්නවුන් කුමන තර්කයක් ගෙන හැර දැක්වුව ද එය අද වන විට විද්‍යාව හමුවේ නිෂ්ප්‍රභ වී ඇත.

එසේ නම් මිනිසුන් මෙතරම් මස් මාංස කන්නේ කුමන හේතුවක් නිසා ද කියා සොයා බැලිය යුතු ය. අප එය මෙසේ විග්‍රහ කර බලමු. කෙනෙක් වෙළද සැලකට ගොස් තමාට මස් කිලෝ එකක් දෙන්න කියා ඉල්ලන්නේ නැති බවත් ඔහු හෝ ඇය ඉල්ලන්නේ තමා කන්න කැමතිම, රස තෘෂ්ණාව වැඩිම මාංස වර්ගය බව කවුරුත් පිළිගත යුතු සත්‍යයකි. ඒ අතරම ආර්ථිකත්ව අතින් මාංස අනුභවය එලවළු කෑමට වඩා මිල අධික ආහාරයක් බවත් අප කවුරුත් දනිති. එසේ නම් ඇයි මේ මිල අඩු ආහාරයන් තිබෙද් දී මාංස ආහාරට ගන්නේ. අනිවාර්යෙන්ම රස තෘෂ්ණාව පිණිසම පමනකී. මේ ගැන තර්කයක් කිසි කෙනෙකුට කළ නො හැක. දැන් විද්‍යාඥයන් පරීක්ෂණ මාර්ගයෙන් එලවළු ධාන්‍ය වල මාංස වල වඩා පෝෂණය වැඩි බවත් එලවළු ආහාරයට ගන්නන් නිරෝගී දිවි පෙවෙතකට හිමිකම් කියන බවත් ප්‍රකාශ කිරීමත් සමගම මස්මාංස ආහාරයට ගන්නන් හට නිදහසට කියන්න දෙයක් නො මැත. 

අද ප්‍රශ්නය වෙලා තිබෙන්නේ මේ රසතෘෂ්ණාව වැඩිකමට මේ කෑදර කමින් මස්මාංස කන්නන් මේ ත්‍රිපිටක ධර්මයන් සූත්‍රයන් කටපාඩම් කරමින් තම තමන්ගේ මේ මස්මාංස වලට තිබෙන කෑදර කම සාදාරණීකරනය කිරීම සදහා ත්‍රිපිටක ධර්මයන් භාවිතයට ගැනීමයි. මේ උතුම් වූ ත්‍රිපිටක ධර්මයනුත් සංඝයාවහන්සේට මස් කෑමට බුදුරජාණන් වහන්සේ අවසර දී ඇති බව හගවමින්, එම නිසා ගිහියොත් කෑවට කමක් නැහැ කියා ප්‍රචාරය කරමින් අපගේ අසරණ බෞද්ධයනුත් මේ රස තෘෂ්ණාවට දෙසට තල්ලු කරමින්. තමාගේ නිවන් මාර්ගය දීර්ඝ කරගනිමින් මේ අසරණයන්ගේ නිවන් මාර්ගයත් දීර්ඝ කිරීමට කටයුතු කරමින් රට පුරා ධර්ම දේශනා කරමින් යෑම පාපයක් නො වේද? අප පොඩ්ඩක් නැවතී සිතිය යුතු කාලය දැන් පැමිණ ඇත.

තමාගේ ගිජුකම සාදාරණීකරනය සදහා මේ උතුම් වූ බුද්ධ වචනය ඇතුලත් ත්‍රිපිටක ධර්මය භාවිතා කිරීමින් තවත් සැදැහැවතුන් අසරණ කරමින් නිවන් මාරගයත් දුරස් කරගනිමින්, බුද්ධ වචනය වැරදි දෙයට භාවිතා කිරීමේ පාප කර්මයට ද හසු වී මේ සතර අපායට යන ගමන මොවුනට නො වැටහෙන්නේ රස තෘෂ්ණාව නිසා මේ මාංස වලට තිබෙන ගිජුකම නිසා නො වේද? මිතුරනී ඔබ යන්නේ මේ දීර්ඝ පාරෙන් බව වටහා ගෙන ඔබගේ මේ ධමනය කරගත නො හැකිව පවතින රස තෘෂ්ණාව ඉවත් කරගනිමින් ධර්ම දානයෙන් ලැබෙන්නා වූ ඒ පින් ඔබලාගේ නිවන පිණිස හේතු කොට ගැනීමට ප්‍රඥාව පහල වේවා!

ඥානවන්ත බෞද්ධයා තමා ගේ ඒකායන බලාපොරොත්තුව වන සසර ගමන නැතිකර ගැනීමට සුදුසු ආහාර මත ම යැපීමට වගබලා ගනී. ලද දෙයින් සතුටු වේ. සරල දිවි පැවැත්ම ඇතිකර ගනී.

එසේ හෙයින් ‘ඉපිද මැරේ යළි ඉපදේ’ යන සසර බැඳීමෙන් ඉවත් වී බෞද්ධයා ගේ ඒකායන පරමාර්ථය වන, මේ බඹයක් පමණ වූ ගිනිගෙන දැවෙන ලෝකයෙහි එකොළොස් ගිනි නිවා සැනසීමට නිවනෙන් නිවීම ට නම් සංඥා , රස සංඥා, රස තෘෂ්ණා අවබෝධ කරගෙන ‘විඳීමෙන් මිදීම’ ට කවුරුත් උනන්දු විය යුතුය. දෙදහස් හයසියයේ සම්බුද්ධත්ව ජයන්තිය සඳහා කෙරෙන හොඳම සුදුසුම පිළිවෙතෙන් පෙළ ගැසීමද එය වනු ඇත.

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13064

Leave a Reply