Mahindagamanaya, the arrival of Arahat Mahinda in Sri Lanka with the noblest gift of Buddhism

මහින්දාගමනය – මිහිඳු හිමියන්ගේ ලංකා ගමන

මිහිඳු මහරහතන් වහන්සෙගේ අනුරාධපුරය ප්‍රවේශය, අනුරාධපුරයේ මහා සීමා බන්ධනය, සිව් බුදුවරයන් මහමෙව්නා උයනට වැඩිය කථාව ඇතුළුව දෙවන පෑතිස් රාජ්‍යාභි ෂේකය පිළිබදව මහාවංශයේ සදහන් කරුණු පිටපත් කර ඉදිරිපත් කරනා ලදී.

දෙවනපෑතිස්සය දම්සෝ යන මේ දෙදෙන බොහෝ කල් පටන් අදෘෂ්ට මිත්‍රයෝ ය. දම්සෝ රජුගෙන් දෙවනපෑතිස්ස රජුට එදා ඒ ලැබුණු පඬුරු අතුරෙන් ලැබුණු දහම් පඬුර වූ ” මම බුදුන් දහම් සඟ සරණ ගත වූයෙමි. ශාක්‍ය පුත්‍ර බුදු සසුන්හි උපාසක බැව් ගිවිස්සෙමි නරොත්තමය තෙපි ද ශ්‍රද්ධාවෙන් සිත පහදා ගෙන මේ තුනුරුවන් සරණ යව ” මේ දහම් පඬුර මුලුමහත් ශ්‍රී ලංකාද්වීපයම දහම් රාජ්‍යක් කරන්නට සමත් වීය.

මහාවංශය සඳහන් කරන පරිදි මෙම කල්පයේ බුද්ධත්වයට පත් සිව්මහා බුදුරදුන්ගේ පහසින් මේ බිම පූජනීයත්වයට පත්වී ඇත. (පිටු අංක.61)

බුදු සමයෙහි ආභාසයට ලක්වූයේ සිංහල ජනයාගේ හුදු ආගමික ජීවිතය පමණක් නොවේ.  එහි බලපෑම ඊට වඩා බෙහෙවින් තියුණු එකක් විය.  බුදුසමය සිංහල ජනයාගේ සංස්කෘතික ජීවිතයේ පැවති විශාල අඩුවක් පිරිමසාලීය. සිංහලයන්ට අලුත් ජීවන මාර්ගයක්ද, ජීවත් වීමේ අලුත් පරමාර්ථයක් ද බුද්ධාගම නිසා ලැබුණේ ය.

මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාදීපය තුල බුදුදහම ස්ථාපිත කිරීම සදහා  එවන් මහා සීමා බන්ධනයක් කොට දෙවනපෑතිස්සය රජුගෙන් පටන්ගෙන සියළු රජවරුන් ආරක්ෂා කරන්නට යෙදුන මේ අනුරාධපුර පුදුබිම. එමෙන්ම අප රටේ  සියළු බෞද්ධ පුදබිම් සහ නින්දගම් කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම යන සතර  බුදුවරුන්ගේ ශාසනය පිහිටි බුද්ධසාසනයට අයිති පින් බිම් වන අතර. එයින් කොටසක් හෝ වෙනත් ආගමිකයනට පවරා දීම හෝ සර්වාගමික ස්ථාන කිරීම හෝ නො කළ යුත්තක් වන අතර එය මහා පාපකර්මයකි. බුදුන්ගේ ශාසනය විනාශ කිරීමේ පාපයට හසුවන්නක් වන අතර සතර අපායට තමන් විසින්ම පාර කපා ගැනීමකි. මෙය මේ රටේ තීරණ තීන්දු ගන්නා පාලක රජය සහ සියළු දේශපාලඥයන් ඉතා වගකීමෙන් කටයුතු කරමින් මේ උතුම් පුදබිම් ආරක්ෂා කරගෙන සාසනයත්,තමනුත් තමන්ගේ පරපුරත් හෙල රජදරුවන් සේ රැකිය යුතු වේ. ඒ පින් මරණින් මතු ඔවුනට සුගතිගාමී වීම සදහා අනිවාර්යෙන්ම හේතු වාසනා වන බවත්, එය එලෙසම සිදුවන බවට ධර්මයේ ඕන තරම් උදාහරණත් ඇත.

මහාවංශය පොතෙන් පිටපත්කරන ලද පිටු කීපය (පිටු අංක 47 සිට 71) දක්වා කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Mihidu_maharahathan_wahansege_Lakdiwata_wadeema_Mahawansaya_Page47to71.pdf[/pdf]

 

.===========================================================================

මෙම සම්පූර්ණ මහාවංශය පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

Download

.

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12890

Leave a Reply