Pohoya Dinaya – Ven Rerukane Chandawimala Thero

pohoya-dinayaපොහොය දිනය –  පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි

මහා සංඝරත්නය වෙත කරන නිවේදනය යි.

පොහොය දිනයන්හි සිල් සමාදන් වන සැදැහැවතුන්ට ඔවුන් ඒ දිනයේ දී කළයුතු කටයුතුවල සුදුසු පරිදි යොදවා ශීල සමාදානය සාර්ථක කර දෙන කෙනෙකු සිටිය යුතුය. එබඳු සහයක් නො ලද හොත් සිල් සමාදන් වීම අසාර්ථක වෙති.

ගීහියන් සිල් සමාදන් වීම සදහා පන්සල්වලට පැමිණෙන්නේ තමන්ගේ ශීල සමාදානය භික්ෂූන් වහන්සේලාගේ සහයෝගයෙන් සාර්ථක කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. එසේ පැමිණෙන සැදැහැවතුනට සහයෝගය දීම භික්ෂූන් වහන්සේගේ යුතුකමෙකි. සමහරවිට භික්ෂූන් වහන්සේලාගේ අතින් ඒ යුතුකම හරියට ඉටු නො වීම නිසා ගිහියන් ඇතැම් භික්ෂූන් වහන්සේලා ගැන අප්‍රසාදය පළකරනවා ද අසන්නට ලැබේ. මෙකල භික්ෂූන් වහන්සේලාට ද නොයෙක් කටයුතු ඇත්තේ ය……

පොහොය දිනය නමැති මෙ ග්‍රන්ථයෙන් ඒ ප්‍රශ්නය බොහෝ දුරට විසදා ගත හැකි ය. පොහෝ දිනයෙහි උපාසකෝපාසිකාවන් කළයුතු වැඩ සියල්ල මෙහි කාලසටහනක් අනුව විස්තර කර ඇත. මේ පොත අනුව වැඩ කිරීම පුරුදු කරගත හොත් උපාසකෝපාසිකාවන්ගේ දියුණුවත් භික්ෂූන් වහන්සේට පහසුවත් ඇතිවන බව මහාසංඝයා වහන්සේට සැලකරමු.  -රේරුකානේ චන්දවිමල ස්ථවිර.

.

මෙම සම්පූර්ණ පොත බාගැනීමට පහත පිවිසුමට ඇතුළු වන්න.

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12800

Leave a Reply