Kalama Suthraya – Anguttara Nikaya1, Mahavaggo

Kalamayanකාලාම සූත්‍රය , අංගුත්තර නිකාය(01)-මහාවග්ගො – පිටු අංක 336 සිට 345 දක්වා Pdf 373

ත්‍රිපිටකයේ සූත්‍රයන් පරිශීලනය කිරීමේ වැදගත්කම වන්නේ, එම සූත්‍රයන් ගේ අන්තර්ගත යන්, මුළු සූත්‍රයම අවබෝධයෙන් කියවා වටහා ගැනීමයි. අද බෞද්ධයන් සූත්‍රයන්ගේ හරය මතුපිටින් ගෙන තමතමන්ගේ විග්‍රහයන්ට උපයෝගි කරගන්නා සූත්‍රයක් වන මෙම කාලාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ක්‍රමයෙන් සරලව විස්තර කරමින් සූත්‍රය අවසානයේ නිවන් අරමුණ අපට අපූරුවට පාදා දීමේ ක්‍රමවේදය මොනතරම් ආශ්චර්ය ද? කාලාම සූත්‍රය – මෙම සූත්‍රයේ බහුතරයක් බෞද්ධයන් තම තමන්ගේ විග්‍රහයන් ට ගන්නේ ” මා අනුස්‌සවෙන, මා පරම්‌පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්‌පදානෙන, මා තක්‌කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්‌කෙන, මා දිට්‌ඨිනිජ්‌ඣානක්‌ඛන්‌තියා, මා බ්‌බරූපතාය, මා ‘සමණො නො ගරූ’ති’  පද ටික විතරයි.

නමුත් බුදුරජාණන් වහන්සේ නිවන් අරමුණු කොට දේශනා කොට වඳාළ ඉතාමත් ම වටිනා ධම්ම විග්‍රහය එම සූත්‍රය සම්පූර්ණයෙන්ම කියවා උකහා ගත යුතු බව එම සූත්‍රය පරිශීලනය කළ විට මනාව වැටහේ. මෙහි වැටහීම වැරදි ලෙසට ගතහොත් මේ ශ්‍රී සද්ධර්මය ද තර්කයට භාජනය කරමින් තම තමාට යම් ධර්මයක් නො වැටහේ ද එයත් මේ කාලාම සූත්‍රයේ වැරදි ලෙසට හුවා දක්වමින් තර්කයන් ට භාජනය කිරීමෙන් අප බෞද්ධයන් වැලකෙත් වා.

සූත්‍රය අවසානයේ කාලාම වැසියන් නම් බුදු සරණ, දහම් සරණ, සඝ සරණ ගිය අතර ඔවුන් එය මෙසේ ප්‍රකාශ කළහ. ‘‘අභික්‌කන්‌තං, භන්‌තෙ…පෙ.… එතෙ මයං, භන්‌තෙ, භගවන්‌තං සරණං ගච්‌ඡාම ධම්‌මඤ්‌ච භික්‌ඛුසඞ්‌ඝඤ්‌ච. උපාසකෙ නො, භන්‌තෙ, භගවා ධාරෙතු අජ්‌ජතග්‌ගෙ පාණුපෙතෙ සරණං ගතෙ’’ති. පඤ්‌චමං. එසේ නම් මේ සූත්‍රය හොදින් වටහා ගෙන මුළු සූත්‍රයේම නිවන් අරමුනු පිණිස අප බුදුරජානණ් වහන්සේ දෙශනා කොට වඳාළ ධර්ම කොටස් සියළු දෙනා වටහා ගනිත් වා. 

[pdf]http://www.dhammikaweb.com/pdfs/Kalama_Suthraya_AnguttaNikaya1_Mahavaggo_page336to345_Pdf373.pdf[/pdf]

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12585

Leave a Reply