Piruwana Poth Wahanse

8469418_origපිරුවානා පොත්වහන්සේ

ජාතක පොත්වහන්සේ සහ පිරුවානා පොත්වහන්සේ යන ධර්ම ග්‍රන්ථද්වය සිංහල බෞද්ධයන්ගේ අත්‍යන්ත ජනාදරයට පාත්‍ර වූ විශේෂ ග්‍රන්ථ දෙකකි. මේ පොත් දෙක ම සජීවත්වයෙන් සලකා “වහන්සේ” යන ගෞරව නාමයෙන් ම ව්‍යවහාර කළාක් මෙන් ම විහාරස්ථානයකට නැතුව ම බැරි වස්තු දෙකකි. මෙයට ධාතු කරඬුවත් විධිමත් ව සකස් කරගත් පිරිත් හූයත් එක්කර ගත යුතු ය.  

පිරුවානා හෙවත් පිරිවහනය යනු කටපාඩම් කිරීමයි. පිරුවානා පොත සම්පූර්ණයෙන් පාඩම් නො කළ හැකි වූවන් පැවිදි නො කරන ලෙස පැරණි කතිකාවත්හි නියමයක් විය. පිරිත කටපාඩම් කළ යුතු ය. එසේම එය මධුරස්වරයෙන් වෘත්තානුකූලව හඬ නගා කීම ද එයට ම අයත් ය. බුදුරජාණන් වහන්සේ මධුරස්වරය අගයමින් ඒ පිළිබද තනතුරක් ද ඇතිකළ අයුරු එතදත්‍ර පාළියෙහි දැක්වේ.

මහා පිරිත් පොත, පිරිත් පොත, පිරුවානා පොත් වහන්සේ යන නම් වලින් හැඳින්වෙන පොත අතීතයේ හඳුන්වන ලද්දේ චතුභාණවාර පාළිය යන නමිනි.

තෙදවත් බැවින් සත්වයනට පැමිණෙන උවදුරු දුරුකරන හෙයින් ද සර්වප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හෙයින් ද පැමිණෙන අනතුරු වලක්වා ලන හෙයින් ද ආරක්ෂා කරන බැවින් ද, පිරිත නම් වේ. බෞද්ධයා ගේ ආරක්ෂණ ක්‍රමයත්, ශාන්තිකර්මයත් පිරිතයි.   

Download

.

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12143

3 comments

    • nv on February 10, 2012 at 1:58 pm
    • Reply

    Bohoma Pin

    • W.NILANTHA on May 24, 2012 at 9:58 am
    • Reply

    I LIKE TO STUDY RERUKANE MAHANAYAKA THERO BOOKS BECAUSE IT GIVES REAL BUDDHISM.

    • Dammika on December 19, 2016 at 9:21 am
    • Reply

    Ven Bodagama Chandima Himi

    I am Dammika from Sri Lanka. I am searching for a Piruwana Pothwahanse. I am sorry, how can I get it.

    Dammika

Leave a Reply