Sumeda Katha, Buddhawansa Pali-Khuddaka Nikaya

Sumeda_Thausaසුමෙධ කථා ,  බුද්ධවංස පාළි – ඛුද්දක නිකාය (පිටු අංක 20 සිට 53 දක්වා, pdf 47)

මෙයට කල්ප ලක්ෂයකට අධික සාරාසංඛ්යෙ යක්හු ගේ මත්තෙහි අමරවතී නම් නුවරක් විය. එහි  සුමෙධ තාපස තෙම තමන් ගේ අසපුවෙන් උඩට නැගී රඹගම් නුවර වැසි ඒ මිනිසුන්ගේ උඩින්. අහසින් යන්නේ ඔව්හු තුටුපහටුව මග පිරිසුදු කරනු දැක කුමන හේතුවක් දැයි සිතන්නේ සියල්ලන්ම බලා සිටිද්දී අහසින් බැස එකත් පසක සිට ඒ මිනිසුන් විචාළේ ය. පින්වත්ති, කවරකු සඳහා මේ මග පිරිසුදු කරව්ද? ඔව්හු කීහ. ස්වාමිනී, සුමේධ තාපසයාණෙනි. කිමෙක් ද නුඹවහන්සේ නොදන්නා සේක් ද? දීපඞ්කර බුදු රජාණන් වහන්සේ උතුම් සම්බෝධි යට පැමිණ දම්සක් පවත්වා දහම් සැරිසරන්නෝ පිළිවෙළින් අපගේ නුවරට පැමිණ සුදර්ශ්න මහා විහාරයෙහි වසනසේක. අපි ඒ බුදු රජාණන් වහන්සේ ආරාධනා කෙළෙමු. 

මේ ඇසු සුමේධ තාපස තෙම මෙසේ සිතුවේ ය. බුද්ධ යන වචනය ඇසීමද දුර්ලභයි. බුද්ධෝත්පාදය ගැන කියනුම කවරේ ද? එසේ වීනම් මා ද මේ මිනිසුන් සමග බුදුරජාණන් වහන්සේ වඩිනා මග ශුද්ධ කරන්නට සුදුසු ය………

දීපඞ්කර බුදු රජාණන් වහන්සේ ද පැමිණ සුමෙධ පණ්ඩිතයන් ගේ හිස් දොර සිට මඩ මත නිපන් තවුසා දැක මේ තාපසයා , අනාගතයෙහි ගෞතම නම් බුදු වන්නේ යයි දැන සිට ගෙනම පිරිස මැද ප්‍රකාශ කෙළේ ය. මහණෙනි, බලව්, මේ මඩමත හොත් උග්රැ තපස් ඇති තාපසයා. එසේය ස්වාමීනී, මේ තෙමේ බුදු වීම සඳහා ප්‍රාර්ථනා කොට වැද හොත්තේ මොහුගේ ප්‍රාර්ථනාව කල්ප ලක්ෂසයක් අධික කොටැති සාරාසංඛ්යෙ යක්හු ගේ ඇවෑමෙන් ගෞතම නම් බුදු වන්නේ යයි සියල්ල ප්‍රකාශ කළ සේක……..

[pdf]http://www.dhammikaweb.com/pdfs/Sumeda_Katha_buddhawansaPali_KuddakaNikaya_pages20to53_pdf47.pdf[/pdf]

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11731

Leave a Reply