«

»

Dec 23

Print this Post

මාංශ ආහාරය ගැන බෞද්ධ විග්‍රහයක්

මාංශ ආහාරය ගැන බෞද්ධ විග්‍රහයක්

By Admin, on February 17th, 2011

බුදුරජාණන් වහන්සේ වැළඳුවායැයි කියන “සුකර මද්දව” යනු කුමක්ද? මේ පිළිබඳව යම් යම් පුද්ගලයින් විවිධ අර්තකථනයන් ගෙන හැර දක්වයි. මාංශ හැඳන්වීමට පාලියේ යෙදෙන්නේ මංස යන වචනයයි. එහෙයින් සූකර මංස ලෙස දැක්වී නම් එය මාංශයක් වනවා මිස මද්දව යනුවෙන් මාංසයක් හැදින්වීමට අවශ්‍යතාවක් නැත.

යම් කෙනෙක් බුදු රජාණන් වහන්සේ හරි මහා සංඝරත්නය හරි ගැන ශ්‍රද්ධාවක් ඇතිව පිළිගන්වන ආහාරයක් ඔවුන්ට අනුකම්පාවෙන් උන්වහන්සේලා පිළිගන්නවා. එය මාංශයක් වුනත් එහෙමම තමයි. බුදු රජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය අනුදැන වදාලා. මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයෙහි රාජකීය වෛද්‍යවරයා වන කෝමාරභච්ච ජීවක තුමා බුදුරදුන් හමුවට ගොස් තමන් වහන්සේ උදෙසා මරන ලද සතුන්ගේ මස් වළඳන බවට රටේ කතාවක් පැතිරී තිබෙන බවත්, එය සත්‍යක් දැයි විමසා සිටියා. එහිදී බුදුන් වහන්සේ ජීවකට කරුණු පැහැදිලි කර දෙමින් එය අභූත චෝදනාවක් බවත්, එහෙත් කරුණු 3කින් පිරිසිඳු වූ මස් මාංශ වැළඳීම එනම් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුමත කරන බවත් පැවසුවා. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය යනු,

[1] නොදුටු (අදිට්ඨං)
[2] නොඇසූ (අසූතං)
[3] නොසැක (අපරිසංඛිතං) මාංශයයි.

පිණ්ඩපාත‍යේ වඩින භික්ෂුන් වහන්සේ නමකට යම් පුද්ගලයෙක් තමන් ඉහලයි කියලා හිතන ඒ වෙලාවෙ තමන්ගෙ නිවසේ තියෙන ආහාරයක් ලබා දෙන්න පුලුවන්. උන්වහන්සේ වෙනුවෙන්ම හදපු එකක් නෙවෙයි නෙ. ඒක නිසා එය වැළදීමෙන් උන්වහන්සේ මාංස පිණිස සතුන් ඇතිකිරිමට හෝ මාංස වෙළදාමට හෝ සත්ව ඝාතනයට හවුල් කරුවෙක් වෙන්නෙ නැ.

භික්ෂුන් වහන්සේ නමකට තමන් වළඳන ආහාරය ප්‍රත්‍යාවේක්ෂ කිරීම අනිවාර්ය අංගයක්. එනම්, ආහාරය ලබා ගන්නා මොහොතේදී හෝ අවම වශයෙන් එදින ගෙවී යාමට පෙර තමන් වහන්සේ ලබා ගන්නා සිව්පසය කුමක් සඳහා ලබනවා ද යන්න මෙනෙහි කළ යුතුයි. එනම් ආහාරයක් නම්, මේ තම මහනදම් පිරීම සඳහා අවශ්‍යතාවය නිසා බව ආදී වශයෙන්ද ආපෝ, තේජෝ, වායෝ, පඨවි ධාතුන්ගෙන් සැදි දෙයක් ලෙස ධාතු ආකාරයෙන්ද, මෙසේ ප්‍රියමනාපව පවතින ආහාරය උදරයට ගිය පසු පිත ආදිය සමග එක් වීමෙන් පිළිකුල් සහිත වන බවද ආදී වශයෙන් සිහි කිරීමයි. මෙසේ නොකර සිටීම පාරාජිකාවක් ලෙස පැනවීමටද බුදු රජාණන් වහන්සේ අදහස් කළ ද සියලු සත්වයා ආහාරය මත යැපෙන හෙයින් එසේ නොකළ බව ද දැක්වෙනවා.

 

භික්ෂුවක් ආහාරයක් වැළඳිය යුතු ආකාරය පුත්තමාංසෝපයම සූත්‍රයේ දී බුදු රජාණන් වහන්සේ උපමා කතාවක් ඇසුරින් දේශනා කර වදාලා. එනම් තම බිළිඳු දරුවා ද සමගින් කාන්තාරයක් තරණය කරන මාපිය යුවලක් උපමාවට ගනිමින්.

කාන්තාරයෙන් අඩක් දුර යාමේ දී ඔවුන්ගේ ආහාර අවසන් වෙනවා. කාන්තාරය තරණයට මත්තෙන් ආහාර හිගකමින් ඔවුන් මිය යන බව දැන ගන්නවා. මේ නිසා තමා මරණයට පත් වන බවද තම මාංස අනුභව කොට ජීවිතය ආරක්ෂා කර කාන්තාරය තරණය කරන ලෙස මවට පියා විසින් කියනවා. නමුත් දරුවකු සහිත කාන්තාවකට කළ හැකි රැකියාවක් එහි නැති බැවින් දරුවාටත් තමාටත් පසුව මිය යාමට වන බැවින් තමා මරණයට පත්වන බවද එම මාංසය අනුභව කර කාන්තාරය තරණය කොට දිවි රැක ගන්නා ලෙස ද පියාට මව පවසනවා. නමුත් පිරිමියකුට ද දරුවකු රැක බලා ගන්නා අතරතුර රැකියාවක් කළ නොහැකි බැවින් දරුවා එයින්ද මිය යා හැකි බව ඔහු පවසනවා. අනාගතයේ තව දරුවන් සැදිය හැකි බැවින් දරුවා මරා මාංසය අනුභව කොට ජීවිතය රැකගෙන කාන්තාරය තරණය කරමු යැයි යෝජනා කරනවා.

නමුත් මෙතෙක් කල් තමන් මහන්සියෙන් උපයා පෝෂණය කළ දරුවා මැරීමට බැරි බව පවසා පියා විසින් මවට දරුවා භාර දෙනවා. මවද කුසෙහි දරා කිරි පොවා ඇති දැඩි කළ දරුවා මැරිය නොහැකි බව පවසමින් පියාට නැවතත් දෙනවා. මෙසේ කිහිප විටක් හුවමාරු වීමෙන් දැඩි වෙහෙසට පත් දරුවා එයින්ම මිය යනවා.

දරුවාගේ මරණය ගැන හඬා වැලපෙන යුවල දරුවාගේ මාංසය අනුභව කරමින් දිවි ගලවාගෙන කාන්තාරයෙන් එතෙර වුනා. (මෙය උපමා කතාවක් [Assumed Example] මිස සත්‍ය සිද්ධියක් නොවන බව සැලකුව මනාය). මෙම මාංසය නව ආකාරයකින් පිළිකුල් සහිතයි. තමන්ගේ ජාතියේ කෙනෙකු නිසා,නෑයකුගේ මසක් නිසා, පුත්‍රයාගේ මස නිසා, ප්‍රිය පුත්‍රයාගේ මස නිසා, ළදරු මස නිසා, අමු මසක් නිසා, නොකන මසක් නිසා, ලුණු නොමැති නිසා, දුරු මිරිස් ආදිය නොමැති නිසා.

මෙසේ නව ආකාරයකින් පිළිකුල් සහිත මස ඔවුන් අනුභව කරන්නේ ඒ ගැන ආශාවක් ඇතිව නොවේ. හොද මස් තෝරා කෑමක් ද නොවේ. කුස පිරෙන තෙක් ඇති තරම් ආහාරයට ගන්නවා ද නොවේ. ඉතා ස්වල්පයක් පමණක් අනුභව කරයි. අනෙකාට පෙර හොද කොටස ආහාරයට ගන්නවා යැයි සිතක් ද ඇති නොවේ. කාන්තාරය තරණය කළ පසු ඉතිරිය රසකාරක දමා පිසගෙන අනුභව කරනවා යැයි බලාපොරොත්තුවක් ද නොවේ. මෙවන් රස ආහාරයක් වෙනකෙකු අනුභව කර නැතැයි ආඩම්බරයක්ද ඇති නොවේ. මෙය මට හා මෙය ඔබට ආදී ලෙස බෙදා ගැනීමක් නොකර සමගියෙන්ම අනුභව කරති. මෙවන් ජරාවක් කෑ හැකි ද ආදී වශයෙන් ආහාරය ගැන පිළිකුලක් හෝ ද්වේශයක් ද ඇති නොවේ.

මෙම උපමාකතාවෙන් බුදු රජාණන් වහන්සේ දක්වන පරිදි එම මව්පිය යුවල කාන්තාරයෙන් එතෙර වීම අරමුණු කරගෙන දරුවාගේ මාංසය තෘෂ්ණා මාන ආදියෙන් තොරව අනුභවකොට කරනවාක් මෙන් සැදැහැවතුන් විසින් ශ්‍රද්ධාවෙන් පිළිගන්වන ආහාරයද භික්ෂුන් විසින් අනුභව කළ යුතු බවයි.

යම් ආහාරයක් භික්ෂුන් වහන්සේ නමක වළඳන්නේ ශරීරයත් ජීවිතයත් පවත්වා ගැනීම සඳහා පමණමයි. එහෙයිනි බුදු රජාණන් වහන්සේ මාංස අනුභවය භික්ෂුන් වහන්සේට නොකළ යුත්තක් ලෙස නොදැක්වුයේ. නොහෙක් හේතුන් නිසා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ වලට යටත්ව වුවත් අනුභව නොකළ යුතු මාංස වර්ග 10ක් උන්වහන්සේ දේශනා කළා. මිනී මස්, ඇත් මස්, අශ්ව මස්, බලු මස්, සර්ප මස්, සිංහ මස්, ව්‍යාග්‍ර මස්, දිවි මස්, වලස් මස්, කරබානා වලස් මස්උදාහරණයකට සිංහ මස් අනුභව කර භාවනා කරන භික්ෂුන්ට එම ඉව ඔස්සේ පැමිණි සිංහයන්ගෙන් අනතුරු සිදුවීම දක්වන්න පුලුවන්.

නමුත් ගිහියන් වන අප ආහාර අනුභව කරන්නේ උක්ත කරුණු නිසාම නෙවේ. අප අනුභව කරන්නේ අප විසින් උපයාගත් ආහාරයි. නොකළ යුතු වෙළදාම් අතරද මාංස වෙළදාම දැක්වෙනවා. එමෙන්ම මාංස අනුභවය අපට පවක් නොවන්නෙ යැයි සැලකුවද අපගේ එම පුරුද්ද නිසා බොහෝ දෙනා අකුසල් රැස් කර ගන්නවා.

සේම මාංශ අනුභවය නිසා බොහෝ සෞඛ්‍යමය ගැටළුත් රෝගාබාධත් පැන නගිනවා. එයම ගිහියන් ලෙස අපට මාංස අනුභව නොකර සිටීමට හේතුවක්. වැදගත්ම කරුණ නම් මාංස වලින් තොරව කිසිදු ආබාධයකින් තොරව ජීවත් වූ පුද්ගලයන් ඇති තරම් සිටින බැවින් අපට එය අත්‍යවශ්‍ය නොවන ආහාරයක් වීමයි.

~Dinush Witharama

 උපුටා ගැනීම http://sinhalabuddhist.com/2011/02/meat/#ixzz1fJ28Ymj7 වෙබ් පිටුවෙන්

Dinush Witharama

මෙම ලිපියෙන් ඔබ සැමට යමක් සිතීමට අවකාශයක්…………………….. ලැබෙන බව මගේ විශ්වාසය යි.

තීරණය ඔබ සතු ය…

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11628

13 comments

1 ping

Skip to comment form

  1. හසරංග

    ප්‍රනඝාතයක් සිදු විම සදහා කරුණු 5 සම්පූර්ණ වෙන්න ඔනෙ. එසෙ නම් මස් මාංශ අනුබව කරන කොට එසෙ වෙනවාද. අකුසලයක් වෙනවාද කියා මදකට සිතා බලන්න. තිරිපිටකය බලනවනම් මෙවැනි කරුණු ගටලුද? ඉක්මනින් පිරිහෙලා යන මෙම සමාජය ගැන හිතලා කරන මෙ මහගු සත්කාරයට බොහොම ස්තුති.

  2. චතුර විජේකෝන්

    පැහැදිලි විග්‍රහයක්.. බොහොම පිං..

  3. හසන්ත

    නියමයි post එක ජයවේවා දිගටම කරගෙන යන්න දහිරිය ලැබේවා 

  4. janaka

    demand& supply theory
    why there is no demnd for cat flesh( except fortugrees time) in sri lanka.  think nobody kill cats for eat.so how about chiken,beef,fock…………………..t…h….i…n……k…………

  5. දිනුෂ විතාරම

    මෙය කුසල් අකුසල් පිළිබඳ ප්‍රශ්නයකටත් වඩා, බොදුනු සමාජයකට ඔබින පුරුද්දක් ද යන්නය සාකච්ඡාවට ලක් විය යුත්තේ. මන්ද, අවැසි තරම් පෝෂණිය ශාකමය ආහාරයන් මිල දී ගත හැකිව තිබිය දීත්, ඒ වෙනුවට මාංසමය ආහාරයක් මිල දී ගැනීම එවන් ජීවන වෘත්තීන්හි යෙදෙන්නන්ට තව දුරටත් අකුසල් රැස් කර ගැනීමට අවකාශ සලසන්නක් වන නිසා.

  6. Root Admin

     

    මස් වෙළදාම නොකල යුතු වෙළදාම් යටතට වැටෙන බව බුදුදහමේ සදහන් වේ. බලන්න වණිජ්‌ජාසුත්‌තං, උපාසකවග්‌ගො, පඤ්‌චකනිපාතඅඞ්‌ගුත්‌තරනිකාය ( Page 338 to 339 -pdf 359) – මේ ගැන ඔබට සිතීමට යමක් ඉතිරි කරමි.

    • අපගේ මේ මස් මාංස අනුභවය නිසා තවත් අය බොහෝමයක් අකුසල් කරගන්න වා නොවේ ද?
    • දැන් අප සියළු සතුනට මයිත්‍රී කරන විට මෙම සතුන් මරන අය අයත් නොවෙන්නේ ද?
    • ඔබ මස් කන්නේ රස තෘෂ්ණාව නිසා නොවේ ද? මෙසේ සිතන්න ඔබ මස් වෙළද සැලකට ගොස් ඉල්ලන්නේ මස් කිලෝ එකක් දෙන්නා කියා ද? නැත. ඔබ කැමතිම මස් වර්ගය තමයි ඔබ ඉල්ලන්නේ. 
    • මස් මාංස කෑම දැන් නවීන විද්‍යාවෙන් වුවද ශරීරය ලෙඩ කරන බවට සාදක ඇතිව ඔප්පු කර තිබීමෙන් ම මේ මස් කෑම හුදෙක් රස තෘෂ්නාව පිණිසම මිනිසුන් අනුභවයට පුරුදු වී සිටිති. 
    • ධර්මයේ සදහන් වන්නේ සංඝයා වහන්සේලාට දෙන දාන ගැන ය. ඉහත ලිපියෙන් එය මනාවට විග්‍රහ කර තිබේ. මස් කෑම ත්‍රිපිටකයට අනුව කුමන සූත්‍ර අටුවා ගෙන විග්‍රහ කළත්. එසේ කරන්නවුන් සියල්ලක්ම වාගේ තදින් මස් කෑමට ගිජු පුද්ගලයන් බව ඔබ ඉතාමත් සියුම් ව අධ්‍යයනය කළහොත් දැන ගැනීමට හැකි වේ. චේතනාවම කර්මයට හේතු වේ යන්න මෙයින් හොදින් පැහැදිළි වේ.

    අනික අප මස් කන්නේ මිනිසුන් සතුන් මරණ නිසා යැයි කීමේ සදාචාරකම මොකක් ද?  



    1. dls fernando

      බොහෝ මිනිසුන් මොන තරම් ආත්මර්ථකාමීද…..
      ඔවුන් බුදු දහම තුලින් පවා සොයනුයේ ඔවුන්ගේ තෘෂ්නාවන් සපල කරගැනීම උදෙසා ඇති ඉඩ හසරයි…
      සමහරු දෛවියෙක් උදෙසාය කියා සතුන් සමූලඝාතනය කරනවා..

      තවත් සමහරු මාන්ශ ඉල්ලුම සපුරාලීම සදහා සතුන් ඝාතනය කරනවා……

      සතා පව් කම් ගෙවනකොට මිනිසා පව් කම් රැස් කරනවා…

      නවැත්විය යුත්තේ ඒ පව් කම් රැස් කිරීමයි…
      තෙරුවන් සරණයි..!

  7. saami

    @NV :- ඔබ මිලදී ගනු ලැබූ මස් ඔබ සඳහාම පිළියල නොකළ නිසා ඔබට අකුසලයක් සිදු නොවේ. දෙවෙනියට  මැරු  සතුනුත් ඔබ සදහා මැරුවේයැයි සිතුවත්, ඔබ ඒ සතුන් අනුභව නොකළ නිසා හා ඔබගේ අනකිරිමකින් ඒ ඝාතනයන් සිදු නොවූනිසා අකුසල් රැස් නොවේ.

  8. Root Admin

     Facts About Meat Nutrition
    S
    cientific Facts About Meat

    At one time science supported the consumption of meat. It no longer does. The facts are so overwhelming that the eating of animal flesh is doomed as the age of enlightenment is being ushered in. One day mankind will look back in horror at the carnivorous and murderous habits of its predecessors. The eating of animals and other living creatures will seem as barbaric and disgusting to future man as the eating of human meat now seems to the average American. Animal-eating is only one step below cannibalism. Consider these facts:

    • In 1961, the “Journal of the American Medical Association” reported that a vegetarian diet could prevent 90-97% of heart diseases.
    • Studies reveal 59% less cancer among people who eat small amounts of meat, compared to average meat-eaters. (Imagine how much better those figures would be when compared to vegetarians.)
    • Scotland has the highest rate of bowel cancer in the world and they eat 20% more meat than the English.
    • The kidneys of the meat-eater must work three times harder than the kidneys of the vegetarian.
    • Although meat needs to pass through the digestive tract quickly, it takes four times longer than grains or vegetables.
    • During World War I, Norway and Denmark could not get meat. The death rate dropped 17% and then returned to normal when they returned to their meat diets. The American National Institute of Health, in a study of 50,000 vegetarians, found that they live longer, have far less heart disease, and a much lower cancer rate compared to meat-eaters.1

    In England, vegetarians pay less for life insurance. Studies show that vegetarians are stronger, more agile, have greater endurance, and recover from fatigue faster than meat-eaters.

    A Yale University study revealed that vegetarians have nearly twice the stamina of meat-eaters.Cornell University announced through major newspapers in May of 1990, “Humans are natural vegetarians.” The report said: “Animal foods, in general, are not really helpful and we need to get away from eating them.” “In addition to reducing the risk of heart disease, low cholesterol also protects against colon cancer, the most common life-threatening cancer among Americans.”

    World starvation is well connected to meat-eating habits.  If Americans stopped feeding grain to cattle, the excess grain could feed 500 million people (not to mention the land that could be used to grow food instead of being used for grazing cattle). When people see those programs on TV about all the starving children, they should consider that their diets are a contributing factor.

     **Pasteurized milk, like meat, drains the body of alkaline and electrolyte minerals. Milk that has been cooked (pasteurized) takes more calcium to digest than it gives back!

    Chemistry of Food and Nutrition, by Sherman, H., MacMillan Co., NY 1952, pg. 208.
    The Science of Nutrition, Sherman, H., Columbia University Press, NY, 1943, pg. 177-1981

    1 Note: Most American vegetarians were once meat eaters and even after many years on a vegetarian diet, they still carry old dead meat or its toxins in their intestinal tracts. It takes thorough cleansing to get rid of it. Lifelong vegetarians have a tremendous advantage, even if they eat poorly, as many do. When this study was made, most of the vegetarians ate large amounts of meat substitutes, the highly processed soy products, which are detrimental to the human body.
    2 In this study, they used athletic meat-eaters, and compared them to vegetarians who did not participate in sports. Would you call that a fair study? Yet the vegetarians still won out.

    http://cleanse.net/scientificfactsaboutmeat.aspx

  9. Dinushawith

    උපයා ගනු ලබන මුදලින් ආහාර පාන මිලදී ගන්නා ගිහියන් වශයෙන්, අප යමක් සිතිය යුතුය. ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට වෙළඳසැලකට ගියේ නම්, මිල දී ගැනීමට ඉතාමත් පොෂ්‍යදායි ශාකමය ආහාර තිබිය දී ඒ වෙනුවට, එනම් බොහෝ විට වැඩි වියදමක් දරා මාංසමය ආහාරයක් ගන්නේ නම් ඒ ගැන කිහිපවරක් සිතා බැලීම වැදගත්ය.

    මෙහි දී, පෝෂණය සම්බන්ධයෙන් සලකා බැලීමේ දී වුව, ශාකමය ආහාරයන්හි පෝෂණ ගුණයන් බොහෝ මාංසමය ආහාරයන් හා සමව හෝ ඒවා ද ඉක්මවමින් පවතින බැව් දැකිය හැක. උදාහරණයකට, සාමාන්‍යයෙන් යකඩ අධික ආහාරයක් වශයෙන් සැලකෙන ගව මස් වලටත් වඩා වැඩි යකඩ ප්‍රමාණයක් ගොටුකොල වැනි ශාකමය ආහාරයන්හි ඇත. එම පලා වර්ගයන් ආහාරය පිණිස සකස් කිරීමේ දී දෙහි යුෂ ස්වල්පයක් එකතු කිරීමෙන් ඒවාගේ ඇති යකඩ ශරීරයට අවශෝෂණය පහසු කර ගත හැක. එමෙන්ම සාමාන්‍යයෙන් කැල්සියම් අධික ආහාරයක් වශයෙන් ප්‍රකට හාල්මැස්සන්ටත් වඩා වැඩි කැල්සියම් සහිත ආහාරයක් ලෙස කතුරුමුරුංගා කොළ දැක්විය හැක.

  10. NV

    විශිෂ්ට පෙන්වාදීමක් , මෙයින් මට හැගෙන්නේ මස් කඩෙන් ගෙන දනයට පිළිගැන්වීමෙන් වලදන ස්වාමීන්වහන්සේලාට අකුසල් සිදුනොවන අතර ( ගිහියාට පින්කරගනීමට දෙන දෙයක් වලදන නිසා සහ ලිපියේ සදහන්කරුනු හේතුවෙන් )
    නමුත් ගිහියාට අකුසලයක් සිදුවේ.(උදාහරණයක් ලෙස අපි හිතමු කඩයක මරපු කුකුලන් දෙදෙනකු සහ පන පිටින් කුකුලන් දෙදෙනෙකු තබා තිබේ. ගිහියකු විසින් මරපුකුකුලන් දෙදෙනා මුදල් දී පරිබෝජනයට හෝ දානයකට ගනී. කඩයේ මුදලාලි කුකුලන් දෙදෙනා විකුනුනු නිසා අනිත් කුකුකන් දෙදෙනා මරා විකිණීමට තබනුලබේ. මෙහිදී මරපු කුකුලන් දෙදෙනා විකුනුනි නිසා අනිත් කුකුලන් දෙදෙනාගී මරණය සිදුවීමට හේතු කාරක වී තිබේ. මම වැරදිද ? මෙය කිසියම් හෝ අකුසලයක් වන අතර ප්‍රාණ ඝත අකුසලය නම් නොවේ. පහදා දෙන්න.

  11. Dishanthi Jayathilleke

    This makes sense. When we buy and eat meat/fish we finance the act of killing an animal and so we also bear responsibility for the act of killing. Whereas a bikkhu does not purchase meat/fish  or request meat/fish and only eats what we offer. Therefore there  does not appear to be a akusala chethanawa  in such an  act  for the Biukkhu. 

  12. chamil niroshana alwis

    budu guna annanthae
    budu bana ananthae….
    budu dahama sdakalikae .,

  1. මාංස අනුභවය ගිහියන් සම්බන්ධයෙන් ‍කෙසේ විය යුතු ද? » Daham Asapuwa

    […] ඒ කෙසේ විය යුතු ද යත්; පෙර ද මෙහි පළ කිරීමක සවිස්තරව දක්වා ඇති පරිද්දෙන්, කතරක අතරමංව ආහාර ද අවසන්ව සිටින මාපිය යුවලක්, එහිඳී මිය ගිය තම එකම ළදරුවාගේ නව ආකාරයෙන් පිළිකුල් සහිත මාංසය, ඇලීමෙන් ගැටීමෙන් තොරව වළඳනවාක් මෙන්, තථාගත ශ්‍රාවකයෝ ද ආහාර පරිභෝජනය කරන්නෝ විය යුතු බව පුත්තමංසෝපමයෙන් සර්වඥයන් වහන්සේ වදාලහ. http://www.dhammikaweb.com/?p=11628  […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Facebook Auto Publish Powered By : XYZScripts.com