Valantine Day Vs Saliya Ashokamala Day – Saddharmalankaraya

Captureසාලිය අශොකමාලා (සාලිරාජ වස්තුව -සද්ධර්මාලංකාරය)

අපගේ බෞද්ධ තරුණ තරුණියන් නිතරම සමරන දිනයක් වන්නේ වැලන්ටයින් දිනයයි. එදින පෙම්වතුන්, පෙම්වතියෙන් දහස් ගනන් ලාමක අරමුණු සදහා වියදම් කරමින් සිදුකරනා අර්ථාන්විත නොවන ක්‍රියාව දෙලොවටම ඵලදායි කරගැනීමටත්, අර්ථවත් කරගැනීමටත් එදා අපේ ගංගොඩවිල සෝම හිමියන් එම දිනය  “සාලිය අශොකමාලා දිනය” වශයෙන් නම් කර සමරන ලෙසට අපගේ තරුණ තරුණියන්ට යෝජනා කළ බව ඔබට මතක ඇති. උන්වහන්සේ එසේ දේශනා කිරීමට හේතුව මෙම සාලිරාජ වස්තුව කියවීමෙන්ම ඔබට මනා ලෙසට වැටහෙනු ඇත. 

ඔබට අපට ඉතිහාසය පාඩමේ දී මෙම සාලිය අශොකමාලා කථා පුවත හැදින් වූයේ එය බොහෝම සුන්දර ආදර අන්දරයක් ලෙසත් සැඩොල් කුමරියකට පෙම් බැඳි සාලිය කුමරු රජකමත් ප්‍රතිෂේප කළ පෙම්වතෙක් වූ බවත් ය.

නමුත් එතුමාගේ අධ්‍යාත්මික පසුබිම නිතර කථාබහට ලක්වන්නක් නොවීම අපගේ අනාගතය බාර ගන්නට සිටිනා මේ මතු පරපුරට කරන ලොකු වරදකි.

අඩු වශයෙන් මෙවැනි අපගේ රාජකුමාරවරුන්ගේ අධ්‍යාත්මික පැත්ත ගැන කථිකාවන් ඇති කිරීම අපගේ බුද්ධ ශාසනය හා එකට බැදී පවතින ලංකාදීපය ගැන ජාතිකාභිමානයක් අපගේ තරුණ තරුණියන්ගේ හද තුල ජනිත කිරීම තුලින් අනාගතයට මුහුණ දීමට සිටිනා අපගේ තරුණ පරපුරට දානයේ ඇති වටිනා කම පහදමින් ඒ තුලින් අපගේ බුද්ධ ශාසනය ද මතුවටත් රැකගත හැකි වන බවත් ස්ථීරය.

කලින් භවයේ නොයෙකුත් පින්කම් කර ආයු කෙළවර එයින් මිය දුටුගැමුණු රජ්ජුරුවනට  පුත් ව උපන්හ. ඔහු මව්කුසෙන් බිහිවන විට සියලු ලංකාදීපයේ සුවඳ රත්හැල් වර්ෂා කළේය. යටත් පිරිසෙයින් උදුනෙහි තබන ලද තණසාල් ආදී බතුදු පෙරළී සුවඳ හැල්සාලේ බත් ම විය. මෙසේ ඒ රාජ කුමාරයානන් ක්‍රමයෙන් වැඩෙමින් සියල්ල ද තුමූ නොගෙන යාචකයන්ට දන් දෙන්නාහ. එක ගමක නායක චණ්ඩාලයාගේ දේවි නම් වූ දුවක් පුන්සඳමඩලක් තමාගේ අග්‍රප්‍රාප්ත වූ රූප ශොභාවෙන් දසදිග හොබවමින් සිටියා වු සැඩොල්  දුව දැක…………

සාලිය කුමරු සහ අශොකමාලා තමන් දිවිහිමියෙන් දන් දී සිල් රැක පොහොය පෙහෙව මෙසේ නොයෙක් පින් රැස් කොට ජීවිතාවසානයෙහි සත් පනස් කෙළ සැටලක්ෂයක් අවුරුද්දට ආයු ඇති තුෂිත භවනෙහි උපන්නහ.

ඒ සාලිය කුමරු මතු බුදුවන මෛත්‍රී බුදුන්ට බුදු වන ජාතියෙහි “බ්‍රහ්මවර්ධන නම් පුත් ව” ඉපිද සසුන් වැද මහණ ව සියලු කෙලෙසුන් ගෙවා රහත් ව අමාමහ නිවන් දක්නාහ.


සද්ධර්මාලංකාරය නමැති පොතෙන් මෙම සාලිරාජ වස්තුව පිටපත් කරන ලද පිටු කීපය (අංක 520 සිට 531) කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

Download

 

 

===============================================================

මෙම සම්පූර්ණ සද්ධර්මාලංකාරය පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

http://www.dhammikaweb.com/?p=10190

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11450

Leave a Reply