Sawatthidanan, Anguttara Nikaya, Duka Nipatha

Peshalaසාවත්ථිනිදානං, අංගුත්තර නිකාය(01), දුක නිපාතො 

අංගුත්තරනිකාය(1) පිටු අංක 134 සිට 137 දක්වා

යම් සමයෙක් හි පවිටු භික්ෂුහූ බලවත් වෙත් ද, එසමයෙහි පේශල භික්ෂුහූ දුර්වල වෙත්. මේ කරුණ බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සුව පිණිස, බොහෝ දෙනාට අනත්ත පිණිස දෙව්මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේ.

මහනෙණි, මම ගිහියාගේ වේව යි පැවිද්දාගේ වේව යි දෙදෙනාගේ වරදවා පිළිපැදුම  වර්ණනා නො කරමි. වරදවා පිළිපැදුම් හේතුයෙන් විදර්ශනා සහිත මාර්ගය පුරන්නට නො හැකි වෙයි.

මහණෙනි, යම් මහණ කෙනෙක් වරදවා ගන්නා ලද පදප්‍රතිරූපක වූ සූත්‍රාන්ත පෙළ පිළිබහන්නාහු ද, මහණෙනි ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සුව පිණිස, බොහෝ දෙනාට අනත්ත පිණිස දෙව්මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස ද පිළිපන්නාහු ය. මහණෙනි ඒ භික්ෂූහු බොහෝ අකුසල් ද රැස් කෙරෙත්. ඔහු ම මේ සස්න ද අතුරුදන් කෙරෙත්.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Sawathinidanan_DukkaNipatha_AnguttaraNikaya1_pdf171_Page134_to_137.pdf[/pdf]

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11370

2 comments

    • shodaka rala on September 23, 2011 at 2:54 pm
    • Reply

    දැන් එක දෙයක් ශ්‍රී සද්ධර්මය වැරදි ලෙසට ගනිමින් ඕනම කෙනෙකුට ප්‍රකාශ කල හැක. එනම් මෙම සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති බවට සැක කිරීම හෝ මෙම සූත්‍ර දේශනාව වැරදි ලෙසට අර්ථ ගන්වමින් තම තමන්ගේ වැරදි වසා ගැනීම සදහා මෙය භාවිතා කර ගැනීම. එසේ නම් ඒ වරද සිදුකොට, මේ සද්ධර්මය සැක කොට වැරදි ලෙස භාවිතා කිරීමෙන් අත්විය හැකි අපාගත වීමට ගොදුරු නොවී, සද්ධාවෙන් භාරගෙන දැන්වත් තිසරණයේ පිහිට ලබා ගැනීමට නොපමාව කටයුතු කිරීමට වාසනාව, ශක්තිය ලැබේ වා. සියල්ලන්ට ම ධර්ම අවබෝධය පිණිසම හේතු වේ වා! 

    • Lasanthi Randini on February 4, 2012 at 10:55 am
    • Reply

    මිනිසුන් අන්ධ භක්තිකයන් වීමට ප්‍රධාන
    හේතුවක් ලෙස තථාගත දේශනා පර්යාප්තිය
    සමග ප්‍රතිවේදය පැමින නැති බව දැකිය
    හැක. එය හරියට ‘පූජා වට්ටියක් අඳුරේ
    අතිනත යවන විට එහි තිබුන සමහර
    වටිනා දේ මග හැලී ඇති ආකාරය
    වගේ’
    සමහර ගැඹුරු සූත්‍ර පිළිබඳව අටුවා නිහඬයි.
    බුදු පියාණන් වහන්සේම දේශනා කර තිබෙනවා
    අනාගත භය වශයෙන් අනාගතයේ ඇති විය හැකි
    ශාසන පරිහානිය ගැන ‘සංයුක්ත සගියෙහි නිදාන
    වග්ගයේ ආණි සූත්‍රයේ,
    “අනාගතයේ ඇතිවන භික්ෂූන් වහන්සේලා
    තථාගත දේශිත ගාම්භීර ගම්භිරාර්තවත්
    ලෝකෝත්තර, ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර
    පිළිබඳව, ඒවාට අහුන්කන්දෙන්න, ඉගෙන ගන්න,
    ඒවායේ ගැඹුර ගැන සැලකීමට උනන්දුවක් දක්වන්නේ
    නැහැ, ප්‍රායෝගික භාවිතා(ප්‍රතිවේද) කරන්නේ නැහැ
    කියලා.
    ඉතින් නැවැත්ම වෙනුවට පැවැත්මක් තමයි
    දැන් සිටින සමහර ගිහි පැවිදි බෞද්ධ පිරිස්
    කියා කියා යන්නේ.
    මේ නිසා අසරණ මිනිසුන් ‘අන්ධ භක්තිකයෝ’
    වෙනවා සත්‍ය ධර්මය සොයාගන්න බැරිව.

Leave a Reply