Agasaw Padavi Pirinamima – Ven Na Uyane Ariyadhamma Thero

NaUyane_Theroඅගසව් පදවි පිරිනැමීම – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

අනෝමදස්සී බුදුරජානන් වහන්සේ පහල වි සිටි සමයේ සරද නම් උසස් භ්‍රාහ්මණ වංශයේ නැණවත් තරුණයෙක්. ත්‍රීවේදය පරතරට ඉගෙන ගෙන මේ ජිවිතය ගැන ණුවනින් කල්පනා කර ගිහිගෙයින් නික්මී තවුස් පැවිද්දෙන් පැවිදි වී ධ්‍යාන ලබා ගත් අතර එතුමා අනුව යමින් තවත් 74,000ක් දෙනා ධ්‍යාන ලබා එතුමා ආචාර්‍යවරයා වශයෙන් ආශ්‍රය කරමින් සිටින අතරේ,  අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ මෙම 74,000 ම නිවන් අවබොධ කරන බවත් මෙම සරද තාපසයන් වහන්සේත් උසස් ප්‍රාර්ථනයක් කරන් බව දිවැසින් දැන මෙම ස්ථානයට වැඩම කල සේක.

පසුව බුදුරජානන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් අගසුව් දෙනම සහිත ලක්ෂයක් මහරහතන් වහන්සේලා එම ස්ථානයට ඉර්ධියෙන් වැඩම කොට සරද තවුසානන් ඇතුළු 74,000 පිරිස විසින් සම්පාදනය කරන ලද මල් ආසන මත වැඩසිටිමින් බුද්ධප්‍රමුක මහරහන්තන් වහන්සේලා දින සතක් සමාපත්තියට සම වැදී සිටි අතරේ සරද තාපසයනන් වහන්සෙ මල් කුඩයක් මවාගෙන බුදුරජානන් වහන්සේගේ සිරස් තලයට ඉහලින් අල්ලාගෙන නොසෙල් වී මෙම දින සතම බුදුගුණ සිතින් කියවමින් සිට. සත් දින අවසානයේ බුදුරජානන් වහන්සේගේ විධානයෙන් අග්‍රශ්‍රාවක නිසභ මහරහත් වහන්සේගේ අනුමෝදනා දේශනාව අසා සිට මෙම සරද තාපසයාණන් වහන්සේ ද මතු බුදුරජාණන් වහන්සේ නමකගේ අගසව් වීමට ප්‍රාර්ථනා කරන ලදී. එතුමා ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේගේ ධර්‍මය දායාදකොට බුද්ධපුත්‍ර නමින් ශාරීපුත්‍ර නම්වූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ය….. 

 

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11182

1 comment

    • ABEYSINGHE on August 14, 2012 at 2:54 pm
    • Reply

    WASANAWAN MEWENI PIN KANDAN
     

Leave a Reply