Pancil Rekeemen Lebena Prathilabha Paha – Ven Gangodawila Soma Thero

somathero_360px_12_12_12පන්සිල් රැකීමෙන් ලැබෙන ප්‍රතිලාභ පහ (5) 

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

බුදුරජානණ් වහන්සේ පංච දුෂ්චරිතය පිළිබදව එහි ආදීනව දක්වමින් දේශනා කොට වදාළ ගාථා ධර්මයක් තමයි මෙම ධර්ම දේශනාවට පාදක කර ඇත්තේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ බෞද්ධයන්ට නෙමේ එදා, කියන එක අප හොදට මතක තියා ගන්න ඕනේ.

බුදුරජාණන් වහන්සේ පංචදුෂ්චරිතය පිළිබඳව දේශනා කළේ සත්වයාට. බෞද්ධයන්ට විතරක් නොවේ. දැනගන්න අද වුනත් ජාතිය කුමක් හෝ වේවා, ආගම කුමක් හෝ වේවා පංචදුෂ්චරිතයෙන් වැලකීම හැමෝටම අදාලයි. එනම් අනුන්ට දුක පිණිස, විපත පිණිස කටයුතු කරන්න එපා යනුයි මෙහි අර්ථය. එසේ කටයුතු කිරීම තමන්ටත් දුක පිණිස, විපත පිණිසම හේතු වෙනවා. 

දැන් අපි ඒ නිසා පුද්ගල භෙදයකින් තොරව මිනිස්කම රකින්න ඕනෙ නම් පංචදුෂ්චරිතයෙන් වලකින්නට ඕනෙ. පංචදුෂ්චරිතයේ යෙදුනොත් ‘මූලං කනති අත්තනෝ’ තමන්ගේ මූලික හානිය, විනාශය තමන්ම සිද්දකර ගන්නවා. ඒ වගේම පංචසුචරිතය ආරක්ෂා කර ගතහොත් සියලුම සැපත් ලබනවා. මේ අවස්ථාවේ දී මා මතක් කර දෙන්නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා පංචදුෂ්චරිතයෙන් වැලකිලා, පංචසුචරිතය ආරක්ෂා කළහොත් පංචසුචරිතය ආරක්ෂා කිරීම හේතුවෙන් ඔබට ආනිසංස පහක්(5) ලැබෙනවා කියල. පිංවත්නි, අපි හැමදාම පංසිල් ගන්නවා සමාදන් වෙන එකට කියන්නේ ගන්නවා කියලනේ දෙනවනේ, දෙන හින්දා ඔහේ ගන්නවා. පංසිල් සමාදන් වුනත්, පංසිල් ගත්තත් තමාට පංචසුචරිතය ආරක්ෂා කිරීමෙන් ප්‍රතිලාභයක් ලැබෙනවා කියා දන්නේ නැත්නම්, ගන්න පන්සිල් කවදාවත් තියා ගන්නව ද?

අද සමාජයේ කීදෙනෙක් පන්සිල් රැක්කොත් මෙහෙම ප්‍රතිලාභ පහක්(5) ලැබෙනවා කියා දන්නවා ද?????  …….මේ දේශනාව හොදින් අවබෝධයෙන් අසන්න. එවිට ඔබට ඒ ප්‍රතිලාභ පහ දැනගත හැකිය.

 1 වෙනි කොටස

Download

2 වෙනි කොටස

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1100

1 comment

  1. 4. පාණඝාතාදී සූත්‍රය – (22) 2. පරියසොභණ වර්‍ගය, චතුක්කනිපාතපාළි, අඞ්ගුත්තරනිකාය

    214
    …පෙ…. පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසුමිච්ඡාචාරී හොති, මුසාවාදී හොති…පෙ…. පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති. චතුත්ථං.

    ආසන්න වශයෙන් සිංහල තේරුම:-
    (214
    ’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
    ’’සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේද, බොරු කියන්නේ වේද,
    ’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ.)

    ’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
    ’’කවර සතරකින්ද යත්. සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද,
    ’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ https://pitaka.lk/?node=29314&coll=cs,aps

Leave a Reply