Manasa saha Karmaya – Ven Gangodawila Soma Thero

somathero_360px_12_12_12මනස සහ කර්මය – පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

මනොපුබ්බංගමා ධම්මා   ˜   මනොසෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන        ˜  භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙති   ˜  චක්කංව වහතො පදං

ධම්මපදය, ධම්‌මපදපාළි, 1.යමකවග්‌ගො, ඛුද්‌දකපාඨපාළි – ඛුද්‌දකනිකාය

මේ ගාථා සෑම බෞද්ධයෙක් ම හොදින් අහලා පුරුදු ගාථා. ධම්මපදය ආරම්භ වන මුල්ම ගාථා දෙක.

ධම්මපදයට මෙම ගාථා දෙක මුලින් ම ඇතුල් වුනේ වෙන කාරාණාවක් නිසා නොවෙයි අනිත් ඔක්කෝම ටික තියෙන්නේ මේ කාරණාව මතයි. “මනස” මත. මේ ගාථ දෙකෙන් විග්‍රහ කිරීමක් කරන වා “කර්මය” පිළිබඳව.  කර්මය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. 

කර්මය ක්‍රියාත්මක වන ආකාරය බුදුරජාණන් වහන්සේ නානාප්‍රකාරයෙන් විග්‍රහ කළ ආකාරය සූත්‍ර පිටකය ඇතුලු ධර්මයේ නොයෙක් නොයෙක් තැන්වල විග්‍රහ වෙන වා. එයින් ඉතාම ප්‍රකට, කාටත් හොදට අහල පලපුරුදු අවස්ථාවක් තමයි මේ “මනොපුබ්බංගමා ධම්මා”  කියන ගාථාවට අන්තර්ගත වන්නේ. 

මනොපුබ්බංගමා ධම්මා” මනස තමයි ධර්මයන්ගේ පෙරටුව යන්නේ………

….හැම සිතක්ම පහල වන්නේ අරමුණක් ඇතිව. ඔය අරමුණු හැම එකක් ම පහල වන්නේ හේතු හයක් (6 ) උඩ. ඒ ධර්මයෝ හේතු හයකට වෙන් කරල ගන්න වා. හේතු 3ක් කුසල පක්ෂයට, හේතු 3ක් අකුසල පක්ෂයට කර්ම රැස්වීම් වශයෙන් පහල වෙද්දී. (ලෝභ, ද්වේශ, මෝහ), (අලෝභ, අද්වේශ අමෝහ)……

ධර්මයේ ගැඹුරු වූ කොටසක් වන “කර්මය” සහ කර්ම රැස්වෙන අකාරය පිළිබඳව ඉතාමත් සරලව සෑම බෞද්ධයෙක්ටම වැටහෙන ආකාරයෙන් අපේ සෝම හාමුදුරුවන් මෙම දේශනාවෙන් විග්‍රහයක යෙදෙන්නේ ධර්ම ගැටලු රැසකටද පිලිතුරු සපයමිනි. සාදු.!සාදු.!සාදු.!

1 වෙනි කොටස

Download

2 වෙනි කොටස

Download

3 වෙනි කොටස

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1084

Leave a Reply