Nandamithra Wasthuva – Saddharmalankaraya


nandimithraනන්දිමිත්‍ර වස්තුව (නන්දිමිත්‍ර
යෝධයාණෝ) සද්ධර්මාලංකාරය

ඇතුන් දසදෙනෙකුට බල ඇති ශක්තිසම්පන්න වූ නන්දිමිත්‍ර නම් යෝධයාණෝ ගැන අප ඉතිහාස පාඩමේ වඩාත් දැන සිටියේ “විහාරය නසන දෙමළුන් අල්වා ගෙන හඬව හඬවා බලි සේ හෙළා ගෙන සල්ව සල්වා තමාගේ දකුණු පයින් උන්ගේ කලවා මැඩ අතින් අනික් පය ඔසවා ගෙන මහත් බල ඇති නන්දි මිත්‍රයා දෙමළුන් දෙකඩක් කොට පළා පවුරෙන් පිටතට දමන්නේ ය” පසුව දුටුගැමුණුරජතුමා සමග එක්ව එලාර රජුන් පරදා තුන්සිංහලයම ඵක්සේසත් කල වීරවරයෙක් ලෙසටයි.

නමුත් මේ ශ්‍රේෂ්ඨ වීරවරයාගේ අධ්‍යාත්මික පසුබිම සහ ඔහු ලංකාදීපයේ පහල වූයේ අහබු ලෙස නොවන බවත්, හුදෙක් සම්බුද්ධ සාසනය මතු පරපුරට රැක දීමේ ක්‍රමවත් වැඩපිලිවෙලක් මත බවත් නිතර කථාබහට ලක්වන්නක් නොවීම අපගේ අනාගතය බාර ගන්නට සිටිනා මේ මතු පරපුරට කරන ලොකු අඩුපාඩුවකී. තවත් අප ප්‍රමාද නැත. අප සියළු දෙනා (උදා; දහම් පාසැල් ගුරුවරුන්,බුද්ධ ධර්මය උගන්වන, ඉතිහාසය උගන්වන ගුරුවරුන් ඇතුලුව) මෙම සම්බුද්ධ සාසනයට, රට රැකුමට දිවි හිමියෙන් ක්‍රියා කළ වීරවරයන්ගේ නිතරම සංවාදයට බදුන් නොවන්නා වූ මෙම අධ්‍යාත්මික පසුබිම විග්‍රහ කිරීම තුලින්  බුද්ධ ශාසනය හා එකට බැදී පවතින ලංකාදීපය ගැන ජාතිකාභිමානයක් අපගේ දරුවන්ගේ හද තුල ජනිත කිරීම තුලින් අපගේ බුද්ධ ශාසනය මතුවටත් රැකගත හැකි වන බව ස්ථීරය.

යට ගිය දවස මේ මහා භද්‍රකල්පයෙහි පළමුව බුදු වූ කකුසඳ නම් බුදුන් සමයෙහි මේ නන්දිමිත්‍ර නම් යෝධයාණෝ එක්තරා කුල ගෙයක ඉපද, සාදර සිතින් විරොචන නම් වූ එක් රහතුන් වහන්සේ නමකට දානයක් පිරිනමා ඒ කුසලානුභාවයෙන් ආයු කෙලවර දෙවුලොව ඉපිද උපමා කළ නොහැකි මහත් දිවැසැපත් විඳිමින් දිව්‍යලෝකයෙහි වාසය කොට මෙම කප තුන් වැනි ව බුදු වූ කාශ්‍යප බුදුන් සමයෙහි දෙව්ලොවින් අවුත් බොහෝ සම්පත් ඇති කුලගෙයක මෙලොව ඉපිද විසි දහසක් අවුරුදු මුළුල්ලේ නොයෙකුත් පින්කම් කොට නැවත දෙව්ලොව ඉපිද මහත් වූ  දිවඉසුරු විඳ එයින් අවුත් අප බුදුන් පිරිනිවි පසු ලංකාදීපයෙහි උපන්හ. ඔහු නමින් මහත් වූ බල ඇති, ඇතුන් දසදෙනෙකුට බල ඇති ශක්තිසම්පන්න වූ නන්දිමිත්‍ර නම් යෝධයාණෝ ය.

සද්ධර්මාලංකාරය නමැති පොතෙන් මෙම නන්දිමිත්‍ර කථාවස්තුව පිටපත් කරන ලද පිටු කීපය (අංක 461 සිට 465) කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න. 

[pdf]http://www.dhammikaweb.com/pdfs/Nandimitthra_Vasthuwa.pdf[/pdf]

 

 

===============================================================

මෙම සම්පූර්ණ සද්ධර්මාලංකාරය පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක. 

http://www.dhammikaweb.com/?p=10190

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10793

Leave a Reply