Dhathun Wahanselage pihiteema saha Parinirwanaya – Ven Galigamuwe Gnanadeepa thero

පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමි

තිලෝගුරු සම්මා සම්බුදුරජානණ් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා , වැඩසිටිනා පූජනීය ස්ථාන සහ ධාතූන් වහන්සේලා පිරිනිවන් පෑම.

ධාතු පූජාව පිළිබඳවත් එහි අනුසස් ගැනත්, බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ලැබේ. ඛුද්ධක නිකායට අයත් අපදාන පාළියෙහි මේ පිළබඳව බහුලව විස්තර වේ. එමෙන්ම සුමංගල විලාසිනිය, පපංච සුදනිය, මනෝරථ පූරණිය වැනි අටුවාවන්හි විස්තර ඇතුළත් වේ. තවද විමානවත්ථු ප්‍රකරණය, මිලින්ද ප්‍රශ්නය, බුද්ධ වංසය වැනි ග්‍රන්ථවලද ධාතු පූජාව ගැන විස්තර වේ.

ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර විසූ බුදුවරුන්ගේ ධාතූන් වහන්සේලා ගැනත් එම ධාතු පූජාවේ යෙදී සිටියවුන් ගැනත් තොරතුරු අපදාන පාළියේ සඳහන් වෙයි. ධාතු පූජාවේ අනුසස් පෙන්වන එක් තැනක මෙසේ සඳහන් වෙයි. “…… යමෙක් ජීවමාන වූ ලෝකනායක බුදුරදුන් පුදන්නේ නම්, එසේම පිරිනිවී බුදුරදුන්ගේ අබැටක් පමණ වූ ධාතූන් වහන්සේ නමකුදු පුදන්නේ නම් චිත්තප්පසාදය සම වූ කල්හි පින ද සමානය. මහත් බවට ගියේද වේ. විමාන වත්ථුවෙහි සඳහන් පරිදි බුදුරදුන් පිදීමත් පිරිනිවනෙන් පසු ධාතුන් වහන්සේලා පිදීමත් සමඵල ඇති පුණ්‍ය ක්‍රියාවකි.

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10733

1 comments

  1. ඉතාම වටිනා දහම් කරුණු. සාධු සාධු සාධු!

Leave a Reply