Mahapajapathigothami Apadanan – Apadanapali, Theriapadana-Khuddaka Nikaya

compress_MPdownloadමහාපජාපතිගොතමීඅපදානං – ථෙරීඅපදාන

සියළුම කාන්තාවන්, මව්වරුන්, පියවරුන්, දූදරුවන් කියවිය යුතුම අපදානයකි මෙම සූත්‍රාන්ත පිටකයේ (ඛුද්දක නිකාය)  එන මහාපජාපතිගොතමීඅපදානය. මෙම පිටු කීපය කියවීමෙන් බුද්ධ මාතාවන්ගේ අසීමිත වූ ගුණ මහිමය සහ ප්‍රඥා බලයේ මහිමය දැන ගැනීමට හැකි වේ.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩවසනා සමයෙහි මහාධන ඇති ඇමති කුලයක උපන් කිසිවිටෙකැ දාසි සමූහයා විසින් පෙරටුකරන ලදු වැ මහ පිරිවරින් පියා සමඟ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ උදෙසා සත්දිනක් දන් දී, බුදු පාමුල වැඳවැටී බුදුන් කෙනෙකුගේ සුළුමව තනතුර පතා ආයු කෙලවර තව්තිසා දෙවියන් අතර ඉපිද මහත් වූ දිව්‍ය සම්පත් විද නැවත මෙලොව ඉපිද පන්සීයක් පසේබුදුනට පන්සීයක් කුටි තනා දී, සිව්මසක් මුළුල්ලේහි උවටැන් කොට තුන්සිවුරු දී මහත් පින් රැස් කොට ආයු කෙලවර නැවතත් තව්තිසා දෙව් ලොව ඉපිද දිව්‍ය සැප විද, දිව්‍ය ආයු කෙලවර දෙව්දහ නුවර ඉපිද පසුව සුදොවුන් රජු සරණ ගියා වූ බුදුරජානන් වහන්සේගේ කිරි මව වූ සියල්ලන් අතරින් විශිෂ්ඨ වූ පජාපතිගොතමීය….. 

පන්සීයක් මෙහෙණන් විසින් පෙරටු කරනලද මහත් ඍද්ධි ඇති, මහත් ප්‍රඥා ඇති ඒ මහාපජාපතිගොතමී සම්බුදුරජුන් කරා එළැබුණාහ. “මම එක්සියවිසි හැවිරිදි වෙමි. මරණ නමැති ප්‍රපාතයට පැමිණ සිටියා වෙමි.

අද නිවනට පැමිණෙන්නෙමි ” සුගතයන් වහන්ස මම ඔබගේ මව් වෙමි.! ඔබ ද මාගේ පියා වෙති. ඔබ වෙතින් මම උපන්නෙම් වෙමි!  ඔබගේ රූ කය මා විසින් වඩන ලද යැ, මාගේ අනින්දනීය දහම් කය ඔබ විසින් වඩන ලදී. මා විසින් ඔබ මොහොතක් (සා ) පිපාසා සන්හිඳුවන කිරි  පොවන ලදහු, ඔබ විසින් අත්‍යන්ත ශාන්ත වූ දහම් නැමැති කිරි පොවන ලද වෙමි.

පුතුන් කැමැති යම් ස්ත්‍රීහු වෙත් නම් ඔවුහු ඔබ බඳු පුතකු ලබත්වා!  ‘රාජ මාතා – රාජ මෙහෙසි’ යන නම ස්ත්‍රීන්හට සුලබ යැ,

“බුද්ධමාතා” යි යම් නමෙක් ඇද්ද, තෙල නම පරම දුර්ලභය

යන වදන් පැවසීමෙන් පසු. බුදුරජානන් වහන්සේ ” මාගමුන්ගේ ධර්මාභිසමයෙහි යම් අඥනකෙනෙක් විමතියට ගියාහු ද, ඔවුන්ගේ දෘෂ්ටිප්‍රහාණය පිණිස ගෝතමිය, ඍද්ධි ද දක්වන්න “ මුනිඳුන්ගේ එවදන් අසා ඒ මහාපජාපතිගොතමීය මුනිරජුන් වැද අහසට පැන නැගැ බුදුරජුන්ගේ අනුදැන්මෙන් නොයෙක් අසමාන වූ ඍධි පරාක්‍රමයන් දැක් වූහ.……..

මෙම මහාපජාපතිගොතමීඅපදානය කියවීමට සහ මෙසේ ඔබ සැම වෙත ඉදිරිපත් කිරීමට ලැබීමටත් මා සසරේ පින් කර ඇති බව හොදින් වැටහේ.

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා ! මේ පින් අනුමෝදන් වෙත්වා !

මා හට ත්‍රිපිටකය කියවීමේ වටිනාකම පහදා දුන් මාගේ කල්‍යාන මිත්‍රයන්ට ද මේ පින් අනුමෝදම් වෙත්වා!

සූත්‍රාන්තපිටකයෙහි, ඛුද්දක නිකාය ,අපදානපාළි, බික්ඛුණී අපදානයෙන් පිටපත් කර ගත් (අංක 40 සිට 71 දක්වා) පිටු සියල්ල කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

 

 

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10387

Leave a Reply