Saddharmalankaraya – Ven Jayabahu Dharmakeerthi Thero

book60සද්ධර්මාලංකාරය

පූජ්‍යාචාර්ය ජයබාහු ධර්මකීර්ති මහා ස්ථවිර පාදයන් විසින් රචිත

සද්ධර්මාලංකාර යන්නෙහි වාච්‍යාර්ථය බණ දහම් හි අලංකරණය නැතහොත් බණ දහම් අලංකරණයෙන් යුක්තව පැවසීම යනුවෙන් විග්‍රහ කළ හැකි ය. සද්ධර්මාලංකාරය ලියැවී ඇත්තේ ‘රසවාහිනී’ නම් වූ පාලි කෘතිය සිංහලට අනුවර්තනය කරමිනි. වේදේහ නම් හිමිපාණන් විසින් ලියන ලද රසවාහිනියට පාදක වී ඇත්තේ ද ඉපැරණි සිංහල බණ කථා සමූහයක් බව ඒ කෘතියෙහි ම කියැවේ.

සද්ධර්මාලංකාරය ලියැවුණේ නිකාය සංග්‍රහය බලාවතාර සන්නය ආදි වූ කෘතිවලට පසු ව බව ග්‍රන්ථාවසනයේ එන ගාථාවලින් පැහැදිලිවේ. තව ද ඒ වනවිට මේ හිමිපාණන් සංඝරාජ පදවියට පත් ව සිටි වග එකී ගාථාවල එන ‘යො ධම්මකිත්තිරිත සංඝරාජෝ…’ යන්නෙන් පැහැදිලි වේ. එබැවින් මේ කෘතිය ගම්පොළ රාජධානි සමයේ අවසන් කාලයේ දී පමණ ලියැවුණු බව තහවුරු වේ.

මේ පොත රචනා වූයේ ප්‍රියදර්ශී නම් හිමිපාණ කෙනෙකුන්ගේ ආරාධනයෙන් වග පළමු පරිච්ඡේදය අවසානයේ එන ‘…ප්‍රිය සබ්‍රහ්මචාරි වූ ප්‍රියදර්ශි නම් බුද්ධ පුත්‍රයාණන් විසින් කරන ලද ආරාධනාව හා… සාධු ජනයන්ගේ සිත් පහදවා ශුද්ධ බුද්ධි වර්ධනය කෙරෙමින් ඔවුන්ට ත්‍රිවිධ සම්පත් සාධා දෙන පිණිස …” ආදි තොරතුරුවලින් පැවැසේ. තව ද තුන් වැනි පරිච්ඡේදය අවසානයේ ‘… මම ද මතු ලොවුතුරා බුදු ව … සූවිසි අසංඛ්‍යෙයක් සත්වයන් මාර්ගඵලයට පමුණුවා ඔවුන් හා සමඟ අතිශාන්ත වූ අමා මහ නිවන්පුර පැමිණෙව්වා” යැයි ප්‍රාර්ථනය කෙරේ. මේ අනුව ප්‍රියදර්ශී හිමියන්ගේ ආරාධනය මේ කෘතිය සඳහා බාහිර නිමිත්ත වූවා පමණක් නො ව කතු හිමියන්ගේ අභිප්‍රායය අභ්‍යන්තර නිමිත්ත වූ බැව් පැහැදිලි වේ.

Download

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10190

1 comment

6 pings

    • rohini Edirisooriya on September 30, 2013 at 1:53 pm
    • Reply

    This is praise worthy.

  1. […] « Saddharmalankaraya – Ven Jayabahu Dharmakeerthi Thero […]

  2. […] පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.  http://www.dhammikaweb.com/?p=10190   […]

Leave a Reply