Mahā-Moggallāna – Khuddaka Nikaya, Apadana Pali

compress_Mogdownloadමහාමොග්ගාල්ලානථෙරාපදානං ඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග -ථෙරාපදානං(02)

අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ වැඩවසනා සමයෙහි “වරුණ” නම් වූ නාගරාජයෙක් වීමි. කැමති රූපයන් මවනසුලු වූයෙමි. අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ ඇතුලු භික්ෂුසංඝ පිරිසට ආහාරපාන පූජා කෙළෙමි. දානය දීමෙන් පසු භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනාව කරමින්, දානයේ ආනිසංස වශයෙන්  ගෞතම බුදුරජානණ් වහන්සෙගේ ද්විතීය ශ්‍රාවක – නමින් මහාමොග්ගාල්ලාන මහරහතන් වහන්සේ  වීමට ප්‍රථම උපදිනා භවයන් ගැන මනා විස්තරයක් මෙසේ වදාළ සේක. 

සත්සැත්තෑවරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. අටසීයක් වරෙක පෘථිවිරාජ්‍යය කරමින් ද, පනස්වරක් සක්විති රජ වන්නේය. මෙයින් එකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නේය. එම සාසනයේ පැවිදව, ගෞතම බුදුරජානණ් වහන්සෙගේ ද්විතීය ශ්‍රාවකයා වන බවටත් වදාළ සේක.

මහාමොග්ගාල්ලාන මහරහතන් වහන්සේ පිළිබද මනා විග්‍රයක් මෙම “අපදානපාළියෙන්” පිටපත් කොට ඉදිරිපත් කර ඇති කොටසෙන් ඔබට ලබාගත හැක.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Mahamoggallanatherapadanan.pdf[/pdf]

.

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10119

Leave a Reply