මහාකල්ප ,අසංඛෙය්‍ය ,පරමායුෂ සම්බන්දව විචිත්‍රවත් ධර්ම දේශනාවක් – පූජ්‍ය නාඋයනේ අරියධම්ම මහනාහිමිනම් වශයෙන් සදහන් වන අටවිසි බුදුවරයන් වහන්සෙලා ගැන සලකා බලමු. දීපංකකර බුදුරජාණන් වහන්සෙගේ පරමායුෂ අවුරුදු ලක්ෂයයි.උන්වහන්සෙගේ පරිනිර්වානයෙන් පසුව මහාකල්ප අසංඛෙය්‍යක් බුදුවරයන් වහන්සෙලා පහල වුනේ නැහැ .අසංඛෙය්‍යක් කියන්නේ කොපමන කාලයක් ද?එකයි බිංදු එකසිය හතලිහයි.
මහාකල්පය කියන එක කොච්චර දිග ද?යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස ඒක ඝන ශෛලමය පර්වතයක් උඩින් අවුරුදු සියයකට වරක් යන දේවතාවකුගේ දිව සළුව ඇතිල්ලීමෙන් මේ පර්වතය යම්තාක් කාලයක දී මහ පොලොවට සමතලා වෙන්න පුළුවන් ඒක කොච්චර කාලෙකින් ද සිදුවෙන්නේ අවුරුදු සියයකට වරක් දිවසළුව ඇතිල්ලීමෙන්. යොදුනක් කියන්නේ සැතපුම් දහසයක් නෙ…… කලපය ඊටත් වඩා දිගයි.
Download .


