Oct
01

Agasaw Padavi Pirinamima – Ven Na Uyane Ariyadhamma Thero

අගසව් පදවි පිරිනැමීම

පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

අනෝමදස්සී බුදුරජානන් වහන්සේ පහල වි සිටි සමයේ සරද නම් උසස් භ්‍රාහ්මණ වංශයේ නැණවත් තරුණයෙක්. ත්‍රීවේදය පරතරට ඉගෙන ගෙන මේ ජිවිතය ගැන ණුවනින් කල්පනා කර ගිහිගෙයින් නික්මී තවුස් පැවිද්දෙන් පැවිදි වී ධ්‍යාන ලබා ගත් අතර එතුමා අනුව යමින් තවත් 74,000ක් දෙනා ධ්‍යාන ලබා එතුමා ආචාර්‍යවරයා වශයෙන් ආශ්‍රය කරමින් සිටින අතරේ,  අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ මෙම 74,000 ම නිවන් අවබොධ කරන බවත් මෙම සරද තාපසයන් වහන්සේත් උසස් ප්‍රාර්ථනයක් කරන් බව දිවැසින් දැන මෙම ස්ථානයට වැඩම කල සේක.

පසුව බුදුරජානන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් අගසුව් දෙනම සහිත ලක්ෂයක් මහරහතන් වහන්සේලා එම ස්ථානයට ඉර්ධියෙන් වැඩම කොට සරද තවුසානන් ඇතුළු 74,000 පිරිස විසින් සම්පාදනය කරන ලද මල් ආසන මත වැඩසිටිමින් බුද්ධප්‍රමුක මහරහන්තන් වහන්සේලා දින සතක් සමාපත්තියට සම වැදී සිටි අතරේ සරද තාපසයනන් වහන්සෙ මල් කුඩයක් මවාගෙන බුදුරජානන් වහන්සේගේ සිරස් තලයට ඉහලින් අල්ලාගෙන නොසෙල් වී මෙම දින සතම බුදුගුණ සිතින් කියවමින් සිට. සත් දින අවසානයේ බුදුරජානන් වහන්සේගේ විධානයෙන් අග්‍රශ්‍රාවක නිසභ මහරහත් වහන්සේගේ අනුමෝදනා දේශනාව අසා සිට මෙම සරද තාපසයාණන් වහන්සේ ද මතු බුදුරජාණන් වහන්සේ නමකගේ අගසව් වීමට ප්‍රාර්ථනා කරන ලදී. එතුමා ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේගේ ධර්‍මය දායාදකොට බුද්ධපුත්‍ර නමින් ශාරීපුත්‍ර නම්වූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ය….. 

 
Download


Feb
11

Akusal sith 12

 අකුසල් සිත් 12

අභිධර්මාර්ථ ප්‍රදීපිකා (පළමුවන කාණ්ඩය)දොස්තර අමරදාස රත්නපාල මහතා (පිටු අංක 31 සිට 34 දක්වා) පිටපත් කර ඉදිරිපත් කරන ලදී.

අකුසල් කිරීමට මෝහය ප්‍රධාන හේතුවකි. මෝහය නැති විටක අකුසලයකුත් නැත. මෝහය නම් අන්ධකාරයක් සේ අරමුණු ස්ව්භාවය මුවහ කරන ගතියයි. මෝහයෙන් මුළාවූ සිතට ඇත්ත යුත්ත, සත්‍යය අසත්‍යය, වරද නිවරද, නො දැනේ.

එහෙයින් ඒ සිතින් අයහපතක්, වරදක් පාපයක් මිස යහපතක් කළ නො හැකිය. එබැවින් සෑම අකුසල සිතකම මෝහ මූලය ඇති වේ.

Read
Download

සම්පූර්ණ අභිධර්මාර්ථ ප්‍රදීපිකා පොත http://www.dhammikaweb.com/?p=1695 මෙම වෙබ් පිටුවෙන් බා ගත හැක.

.

 


Sep
29

American Kovida Thero – Pin Rukeka Mahima

පින් රුකෙක මහිම

මහ වනයක, මරු කතරක, අතරම්ං වූවකුහට පෙත්-මගක්, මිනිස් පියසටහනක් යම්බඳු ධෛර්යක් වේද, මෝහයෙන් මුලා වූ ලෝකයකට සාදු චරිතාපදානයත් එසේමය. අපවත් වී වදාළ ගරු ඇමරිකන් කෝවිද ස්වාමීන් වහන්සේ සසුන් පිළිවෙත් මඟෙහි තැබූ පිය සටහන් පෙළ ඇසුරෙන් සකස් වූ ” පින් රුකෙක මහිම” නන් අයුරින් සැනසුම සොයමින් නිසි-අනිසි මං නො දැන වෙහෙසෙන ලෝකයාහට ද එවැනිම දිරියක් ගෙන දෙනු ඇතැයි හඟිමු.

ප්‍රබන්ධ කථාවක් මෙන් නොව චරිත කථාවක් සපුරා බිහිවන විට එහි “නියම කතුවරයා” ජීවතුන් අතර නැත. තම චරිත කථාවෙහි අදාර්ශවත් බව, විසිතුරු බව හා සිද්ධි සංඝටනාව වෙනුවෙන් “කතුවරයා” සිය ජීවිතය පවා පරිත්‍යාග කරයි. ගරු කොවිද හිමියෝ ද. ආත්ම පරිත්‍යාගයෙන් යුතුව අපූර්ව “සාරාංශ” ශෛලියකින් ස්වකීය ආදර්ශවත් චරිත කථාව නිම කළහ. ධර්ම කාමී අනාගත පරපුර උදෙසා එම කෙටි චරිතාපදානය සටහන් කර තැබීමට යෝගාවචර පෑන් තුඩක් දැරූ තැතක් පමණී මේ.  

Read
Download

.


Oct
21

Ananda Therapadanan – Khuddaka Nikaya, Apadana Pali

ආනන්දථෙරාපදානං- ඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග -ථෙරාපදානං(10)

ආනන්ද මහරහතන් වහන්සේ උන්වහන්සෙගේ කලින් භවයක පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ වැඩවසනා සමයෙහි උන්වහන්සේට රන්මුවා ඡත්‍රය දරන අවස්ථාවේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ගෞතම බුද්ධ සාසනයේ නමින් ආනන්ද නම් උපස්ථායක වීමට ප්‍රථම ආනන්ද මහරහතන් වහන්සේ උපදිනා  භවයන් ගැන මෙසේ ප්‍රකාශ කළ සේක.

මේ පුරුෂ තෙම මෙයින් චුත ව තුෂිතයේහි වසන්නේ ය. සූතිස්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අටපණස්වරක් සක්විති රජ වන්නේ ය. කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නේ ය. ශාක්‍යකුලයට ධජයක් වැනි වූ මහාවීර වූ බුදුරජාණන් වහන්සේගේ ඥාති වූ ( මෙතෙම ) ආනන්ද නම් උපස්ථායකයා වන්නේ ය.   

ආනන්ද මහරහතන් වහන්සේ පිළිබදව විස්තර මෙම “අපදානපාළියෙන්” පිටපත් කොට ඉදිරිපත් කර ඇති කොටසෙන් ඔබ හැමට ලබාගත හැක

ඉහත පිටු කීපය කියවීම/බා ගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න

Read
Download

==================================================================

සම්පූර්ණ අපදාන පාලි – භික්ඛූ අපදාන1 (පාලි/සිංහල) පහත වෙබ් අඩවිට පිවිස ඛුද්දක නිකාය යටතේ එන අංක.39 පිවිසුමෙන් ඔබට ලබා ගත හැක.

http://www.aathaapi.net/Thripitaka.html

.


Older posts «

» Newer posts