Category Archives: Samatha -eBooks

Prathama Saha Dvithiya Dyana – Ven Matara Sri Gnanarama Maha Thero

compress_Captureප්‍රථම සහ ද්විතීය ධ්‍යාන - අතිපූජනීය මාතර ශ‍්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ

සාමාන්‍ය සිතක් එකවරට ම මහග්ගත තත්ත්වයට පමුණුවා ලිය නො හැකිය. ඉන්ද්‍රිය සමතාව (ඒකරස බව) සඳහා කමටහන් අරමුණ බොහෝ වේලාවක් මෙනෙහි කිරීමට සිදු වේ. මේ පරිකර්ම අවස්ථාවයි. මෙතැන දී ඉන්ද්‍රියයන් සම වූ පසු සිත උපචාරයට වැටේ. උපචාර අවස්ථාවේ දී නීවරණයන්ගේ පෙළඹීම නැත.

උපචාර අවස්ථාවෙහි අනුක්‍රමයෙන් අරමුණු සහ සිත ඒකත්වයට ළංවේ. අවසානයේ දී සිත අරමුණෙහි කිඳා බසී. මේ අර්පණාව නම් වූ ධ්‍යාන සිතක පහළ වීමයි. අනතුරුව එම සිත විමසා බලන විට ධ්‍යාන අංග එහි තිඛෙන බව පෙනේ. එහෙත් ධ්‍යානය ලබා ගත් විට පළමුවෙන්ම එහි ඇතුළත් ධ්‍යාන අංග (විතක‍ක, විචාර, පීති, සුඛ, එකගගතා) විමසීමට නො බැසිය යුතුය. මුල් වරට මිනිත්තු පහක් ධ්‍යානයේ සිට ඉන් නැගී සිටීම මැනවි. එය ද අධිෂ්ඨානයක් සහිත ව ම කළ යුතුය.

මාතර ඥානාරාම හිමිගේ සප්ත විශුධිය සහ විදර්ශනා ඥාණ පොතෙන් 21 සිට 23 දක්වා පිටු පිටපත් කර ගන්නා ලදී.

[pdf]http://assets4.dhammikaweb.com/uploads/2013/08/Prathama_saha_Dvithiya_Dyana_SapthaVishuddhivipassanaGana_venMatara_NanaramaThero.pdf[/pdf]

 

===================================================================

සම්පූර්ණ “සප්ත විශුධිය සහ විදර්ශනා ඥාණ ” පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

Download

.

 

Prathipaththi Poojava – Ven Katukurunde Ñāṇananda Thero

compress_prathipaththi_poojava.pgප්‍රතිපත්ති පූජාව - පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

 ~ධමමාරාමො ධමමරතො ~ ධමමං අනුවිචිනතයං
ධමමං අනුසසරං භිකඛු
~ ද්ධමමා න පරිහායතී~

~~ධර්මයෙහි ම වාසය කරන, ධර්මයට ම ඇලූනු, ධර්මය අනුව නිතර සිතන්නාවූ, ධර්මය මෙනෙහි කරන්නාවූ භික‍ෂුව සද්ධර්මයෙන් පිරිහෙන්නේ නැත.~~බුදුපියාණන් වහන්සේගේ ජීවිතයෙ අවසාන භාගය ගැන සඳහන් වන ~~මහා පරිනිර්වාණ සූත්‍රය~~ කියන ඒ සූත්‍රයේ කීප තැනකම දකින්නට ලැඛෙනවා, බුදුපියාණන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවේ අගය අවධාරණයෙන් දක්වපු හැටි.

බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතල ප්‍රකාශ කරනව, ~~මහණෙනි, මා විසින් අභිඥාවෙන් දැන, දේශනා කරන ලද යම් ධර්මයෝ වෙත් ද ඒ ධර්මයන් නුඹලා විසින් මැනවින් ඉගෙන ගෙන, මැනවින් ඇසුරු කළ යුතුයි, වැඩිය යුතුයි, බහුල වශයෙන් පුරුදු කළ යුතුයි, මේ ශාසන බ්‍රහ්මචරියාව දීර්ඝ කාලයක් පැවතීම සඳහා දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස ඒ ධර්මයන් පුරුදු කළ යුතුයි.~~ මොනවද ඒ ධර්ම? එතැන සඳහන් වෙන්නෙ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපටඨාන, සතර සමමපපධාන, සතර ඉදධිපාද, පඤච ඉන‍ද්‍රිය,පඤච බල, සතත බොජ්ඣංග, ආර්‍ය අෂ්ඨාංගික මග්ග කියල කියන ඒ සත්තිස් බෝධිපාක්ෂික ධමයි බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ ඒ අවස්ථාවෙ. සංඝයා වහන්සේලා විසින් මෙන්න මේ ධර්ම  හරියාකාරව, ආරක්ෂා කරනව නම්, ඒ ප්‍රතිපත්තිය තමයි මේ ශාසනයේ පැවැත්මට හේතු වෙන්නෙ කියල, ඒ විධියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා.

එතකොට ඒ තුළින් අපි අර ආමිස පූජාව ඉවත දැම්මේ නෑ. ඒක ප්‍රතිපත්ති පූජාවට දොරටුවක් හැටියට සකස් කරගෙන, ප්‍රතිපත්ති පූජාව පිරීමට ධෛර්යයක්, ශක්තියක්, ඊට ඇති බාධක ඉවත් කිරීමට මාර්ගයක්, අන්න ඒ විදියට කල්පනා කරගෙන ආමිස පූජාවෙ යෙදෙනව නම් මේ පින්වතුන්ට පුළුවනි – මේ ජීවිතය ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේ අතිදීර්ඝ කාලයක් සංසාරයේ අවිද්‍යාව නිසා, තණ්හාව නිසා මේ විධියට උපදිමින් මැරෙමින් ඇවිල්ල තිඛෙනව – මේ අවස්ථාවෙවත් සංසාරෙන් මිදෙන්න.

Download

.

Samatha & Vipassana – Ven Rerukane Chandawimala Thero

compress_Dyanaශමථ භාවනාවෙන් ධ්‍යාන උපදවා නො ගෙන විදර්ශනා වඩා මඟපල ලැබිය හැකි ද?

- පූජ්‍ය රේරුකානේ චන්දවිම්ල මහනායක හිමියන් විසින් රචිතධර්ම විනිශ්චය “ නම් කෘතියෙන් පිටපත් කර ගන්නා ලදී.(පිටු අංක 212 සිට 214) -

මෙය සම්බන්ධයෙන් කිය යුතු කරුණු පොතක් ලිවීමට තරම් ඇත්තේ ය. එයින් කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු ස්වල්පයක් මෙහි දක්වනු ලැබේ. 

පලමුවෙන් ශමථ භාවනාවක් කොට පසුව විදර්ශනා වඩා මඟපල ලැබීමත් මේ ශාසනයෙහි ඇති එක් ක්‍රමයෙකි. ඒ ක්‍රමයෙන් මඟපල ලැබුවෝ ඉතා ටික දෙනෙකි. බහුතර සංඛ්‍යාවක් මඟපල ලබා තිබෙන්නේ ලෞකික ධ්‍යාන නො වඩා ශුද්ධ විදර්ශනාවෙන් ම ය.  

[pdf]http://assets4.dhammikaweb.com/uploads/2013/07/Samatha_Dyana_Dhamma_Vinichchaya_page212to214.pdf[/pdf]

.

සම්පූර්ණ  “ධර්ම විනිශ්චය”  පොත බා ගැනීමට පහත වෙබ් පිටුවට පිවිසෙන්න.

Download