Apr
15

Sasun Piliwetha – Ven Katukurunde Ñāṇananda Thero

compress_Captureසසුන් පිළිවෙත – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි                                                

අපි කල්පනා කරන්න ඕනෑ ශ්‍රමණකෘත්‍යය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ බුදුවීම තුළින්, සම්බෝධිය තුළින්, ලෝකයාට ඉදිරිපත් කළේ. අපි බුදුරජාණන්වහන්සේ හඳුනාගත්  බව  කියන්නේ එතකොටයි. බුදුකෙනෙක් පහළවෙනකන් අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් බලාගන හිටියේ මොකද? ඒ කට්ටියට තෝරගන්න බැරිව තිබුන යම්කිසි ගැටළුවක් තිබුනා. ඒ අයට පෙනුන- ඔය ධ්‍යාන අභිඥා දියුණු කරගත්තු ඒ ශ්‍රමණයින්ට පෙනුනා- සියදහස් ගණන් අතීත ජාති. මේ සංසාරයේ දීර්ඝකාලයක් අපි ඇවිල්ලා තිඛෙනවා. ඒ පෙනුනේ හරියට ගෙයින් ගෙයකට යන්නා වගේ. ආත්ම සංඥාව. ඒ මිථ්‍යා වැරදි අදහසක් එතැන තිබුනේ සකකාය දිටඨිය නිසා. මම මෙන්න මේ මේ ආත්මවල මෙන්න මෙහෙම ගියා කියල. ඊට එහාට ඉතින් මේක සසර දුකක් බවත් එක්තරා ප්‍රමාණයකට තේරුනා. නමුත් මේකෙ විසඳුමක් ඒ අයට පෙනුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ පමණයි එතකොට චතුරාර්ය සත්‍යය තුළින්, ඒ පටිචචසමූපපාද ධර්මය තුළින්, මෙතෙක් ලෝකයේ කිසිවෙක් ඉදිරිපත් නොකළ ඒ ගැඹුරු ධර්මය තුළින්, ලෝකයේ යථාස්වභාවය ලෝකයාට හෙළිකළේ.

ශාසනයක් රකිනවා නම් ශාසනය හඳුනාගන්න ඕන. එතකොට ඒ සඳහා උපකාරවන යම් යම් ධර්ම කාරණා මේ දේශනාව තුළින් දැනගන්න ලැබුනා කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට තම තමන්ගේ අර කියාපු ශ්‍රද්ධාව නැතිකරගන්නේ නැතිව. ශ්‍රද්ධාව වඩාගෙන මේ ධර්ම මාර්ගයේ යන්න උත්සාහවත් වෙන්න ඕන. මෙතෙක් මේ අද දවසේ තමන්ගේ ප්‍රමාණයෙන් ඒ රැක්ක සීලය, කළ භාවනාව, මේ ඇසූ ධර්මය, ලබාගත්තු පිහිට උපකාර කරගෙන මේ පින්වතුන් තමතමන්ගේ භාවනා මස්තකප්‍රාප්ත කරගෙන මේ ශාසන පරිහානියට කලින් සෝවාන් සකදාගාමී අනාගාමී අර්හත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන් උතුම් අමාමහ නිවන සාක්ෂාත් කරගැනීමට අධිෂ්ඨාන කරගන්න ඕන. ඒකට උපනිශ්‍රය කරගන්න ඕන. අවීචියේ සිට අකනිටාව දක්වාවූ යම්තාක් සත්ත්වකෙනෙක් මෙවැනි ධර්මදේශනා ශ්‍රවණය කිරීමට, අනුමෝදන්වීමට, කැමති නම් ඒ අනුමෝදන්වීම තුළින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියත් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. මේ ගාථා කියන්න.

Read
Download

.


Mar
05

A Manual of Respiration – Ven Ledi Sayādaw Thero

“A wise man should purify himself by striving for spiritual progress during at least one of the three periods of life.”

Wise and good people who have the ability to see clearly the relation of cause and effect should renounce and relinquish success in the attainment of wealth (bhoga sampatti) and should put forth effort to achieve spiritual progress (bhava sampatti) right from the first period of life. If effort during the first
period of life is not possible, effort should be made during the second period of life. If effort during the second period of life is not possible, effort should be made as soon as one enters the third period of life.

(more…)


Aug
03

Anapanasathi Bhawana

Read
Download


Mar
25

Anapanasati Sutta – Majjhima Nikaya

ආනාපානසති සූත‍්‍රය – මජ්ක්ධීම නිකාය

බුද්ධජයන්තී ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙන් උපුටාගන්නා ලදී

ආනාපානසති යන්නෙහි අර්ථය හුස්මගැනීම පිලිබඳව මනා සිහියක් ඇතිකරගැනීම යන්නයි (පාලි භාෂාවෙන් සති යනුවෙන් හැඳින්වෙන්නේ මනා සිහියයි. ආනාපාන යනු ආශ්වාසය හා ප‍්‍රාශ්වාසයයි). මෙය බුදුන් වහන්සේ විසින් ඉගැන්වූ මූලිකම භාවනා ක‍්‍රමයයි. ආනාපානසති සූත‍්‍රයෙන් හඳුන්වාදෙන පරිදි මෙම ඉගැන්වීමට අනුව ආර්ය අශ්ඨාංගික මාර්ගයේ කොටසක් ලෙස මෙම භාවනා ක‍්‍රමය පුරුදු පුහුණු කිරීම අවසාන වශයෙන් නිර්වාණය සාක්‍ෂාත් කරගැනීම සඳහා කෙලෙසුන් නැසීමේ මාර්ගය විවරකරදෙනු ලබයි.

අතීතයේ මෙන්ම වර්තමානයේදීද ශාරීරික ප‍්‍රපංචයන් අරමුණු කොටගෙන සිදුකරනු ලබන බෞද්ධ භාවනා ක‍්‍රමයන්ගෙන් වැඩියෙන්ම භාවිතයට ගනු ලබන භාවනාව වන්නේ ආනාපානසතිය යි. සාම්ප‍්‍රදායිකව එය සමාධිය උපදවාගැනීමේ පදනම් භාවනා ක‍්‍රමයක් ලෙස යොදාගනු ලැබේ. සිය නිර්මාණාවබෝධය කරා ගිය ගමනේ බුදුන් වහන්සේ ළගාකරගත් එක් ධ්‍යාන මට්ටමක් වූයේ සිතේ සමාධිය ඇතිකර ගැනීමයි. සෙන් සම්ප‍්‍රදායේදී සාසෙන් හෝ ෂිකන්ටසා (සෝටෝ සම්ප‍්‍රදායේදී) සමඟ ආනාපානසතිය පුරුදු පුහුණු කරනු ලබයි. ආනාපානසතිය සෙසු සාම්ප‍්‍රදායික භාවනා ක‍්‍රම සමඟින්ද වැඩිය හැකිය. ආනාපානසතිය සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පදනම් වනනේ නිර්වාණාවබෝධය ලබාගැනීමේදී උන්වහන්සේ අනුගමනය කළ අත්දැකීම් පදනම්කොටගෙනය.


Read
Download


Older posts «