Apr
15

Sasun Piliwetha – Ven Katukurunde Ñāṇananda Thero

compress_Captureසසුන් පිළිවෙත – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි                                                

අපි කල්පනා කරන්න ඕනෑ ශ්‍රමණකෘත්‍යය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ බුදුවීම තුළින්, සම්බෝධිය තුළින්, ලෝකයාට ඉදිරිපත් කළේ. අපි බුදුරජාණන්වහන්සේ හඳුනාගත්  බව  කියන්නේ එතකොටයි. බුදුකෙනෙක් පහළවෙනකන් අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් බලාගන හිටියේ මොකද? ඒ කට්ටියට තෝරගන්න බැරිව තිබුන යම්කිසි ගැටළුවක් තිබුනා. ඒ අයට පෙනුන- ඔය ධ්‍යාන අභිඥා දියුණු කරගත්තු ඒ ශ්‍රමණයින්ට පෙනුනා- සියදහස් ගණන් අතීත ජාති. මේ සංසාරයේ දීර්ඝකාලයක් අපි ඇවිල්ලා තිඛෙනවා. ඒ පෙනුනේ හරියට ගෙයින් ගෙයකට යන්නා වගේ. ආත්ම සංඥාව. ඒ මිථ්‍යා වැරදි අදහසක් එතැන තිබුනේ සකකාය දිටඨිය නිසා. මම මෙන්න මේ මේ ආත්මවල මෙන්න මෙහෙම ගියා කියල. ඊට එහාට ඉතින් මේක සසර දුකක් බවත් එක්තරා ප්‍රමාණයකට තේරුනා. නමුත් මේකෙ විසඳුමක් ඒ අයට පෙනුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ පමණයි එතකොට චතුරාර්ය සත්‍යය තුළින්, ඒ පටිචචසමූපපාද ධර්මය තුළින්, මෙතෙක් ලෝකයේ කිසිවෙක් ඉදිරිපත් නොකළ ඒ ගැඹුරු ධර්මය තුළින්, ලෝකයේ යථාස්වභාවය ලෝකයාට හෙළිකළේ.

ශාසනයක් රකිනවා නම් ශාසනය හඳුනාගන්න ඕන. එතකොට ඒ සඳහා උපකාරවන යම් යම් ධර්ම කාරණා මේ දේශනාව තුළින් දැනගන්න ලැබුනා කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට තම තමන්ගේ අර කියාපු ශ්‍රද්ධාව නැතිකරගන්නේ නැතිව. ශ්‍රද්ධාව වඩාගෙන මේ ධර්ම මාර්ගයේ යන්න උත්සාහවත් වෙන්න ඕන. මෙතෙක් මේ අද දවසේ තමන්ගේ ප්‍රමාණයෙන් ඒ රැක්ක සීලය, කළ භාවනාව, මේ ඇසූ ධර්මය, ලබාගත්තු පිහිට උපකාර කරගෙන මේ පින්වතුන් තමතමන්ගේ භාවනා මස්තකප්‍රාප්ත කරගෙන මේ ශාසන පරිහානියට කලින් සෝවාන් සකදාගාමී අනාගාමී අර්හත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන් උතුම් අමාමහ නිවන සාක්ෂාත් කරගැනීමට අධිෂ්ඨාන කරගන්න ඕන. ඒකට උපනිශ්‍රය කරගන්න ඕන. අවීචියේ සිට අකනිටාව දක්වාවූ යම්තාක් සත්ත්වකෙනෙක් මෙවැනි ධර්මදේශනා ශ්‍රවණය කිරීමට, අනුමෝදන්වීමට, කැමති නම් ඒ අනුමෝදන්වීම තුළින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියත් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. මේ ගාථා කියන්න.

Read
Download

.


Aug
21

Ambatta Sutta – Deeganikaya

අම්බට්ඨ සුත්‍රය – දීඝනිකාය – පුද්ගල ස්වභාවයේ යථාර්තය

පුද්ගල ස්වාභාවය නිරතුරුවම වෙනස් වෙමින් පවතින අතර අවසානයේ එහි විදර්ශනාත්මක ස්වරූපය තේරුම් ගැනීම යනු ජීවය සේම භෞතිකය පිලිබදව වූ ලෝකයේ වෙනස්වන වන ස්වභාවය  හෙවත් හැදෙන, බිදෙන ස්වභාවය අවබෝධ කරගැනීමයි. බුදුරජාණන්වහන්සේ අදියරෙන්  අදියර පුද්ගල මනස විදර්ශනාත්මක පැත්තට  යොමු කරවීම මෙම සුත්‍රයේ ඇත. මෙම සුත්‍රයේ සාරාංශය ගත්විට සිත යනු නිරන්තරයෙන් ක්වොන්ටොම් කරණය වෙමින් පවතින්නා වූ දෙයක් බව ගම්‍ය වේ. ලෝකයේ නියම යථා ස්වභාවය  මැනවින් අවබෝද කරගැනීමට සිතීමේ ස්වභාවය විදර්ශනාත්මක පැත්තට ක්‍රමයෙන් යොමුවිය යුතු බව මෙම සුත්‍ර දේශනා වලින් මොනවට පැහැදිලි වේ.

Read
Download

.


Mar
25

Anapanasati Sutta – Majjhima Nikaya

ආනාපානසති සූත‍්‍රය – මජ්ක්ධීම නිකාය

බුද්ධජයන්තී ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙන් උපුටාගන්නා ලදී

ආනාපානසති යන්නෙහි අර්ථය හුස්මගැනීම පිලිබඳව මනා සිහියක් ඇතිකරගැනීම යන්නයි (පාලි භාෂාවෙන් සති යනුවෙන් හැඳින්වෙන්නේ මනා සිහියයි. ආනාපාන යනු ආශ්වාසය හා ප‍්‍රාශ්වාසයයි). මෙය බුදුන් වහන්සේ විසින් ඉගැන්වූ මූලිකම භාවනා ක‍්‍රමයයි. ආනාපානසති සූත‍්‍රයෙන් හඳුන්වාදෙන පරිදි මෙම ඉගැන්වීමට අනුව ආර්ය අශ්ඨාංගික මාර්ගයේ කොටසක් ලෙස මෙම භාවනා ක‍්‍රමය පුරුදු පුහුණු කිරීම අවසාන වශයෙන් නිර්වාණය සාක්‍ෂාත් කරගැනීම සඳහා කෙලෙසුන් නැසීමේ මාර්ගය විවරකරදෙනු ලබයි.

අතීතයේ මෙන්ම වර්තමානයේදීද ශාරීරික ප‍්‍රපංචයන් අරමුණු කොටගෙන සිදුකරනු ලබන බෞද්ධ භාවනා ක‍්‍රමයන්ගෙන් වැඩියෙන්ම භාවිතයට ගනු ලබන භාවනාව වන්නේ ආනාපානසතිය යි. සාම්ප‍්‍රදායිකව එය සමාධිය උපදවාගැනීමේ පදනම් භාවනා ක‍්‍රමයක් ලෙස යොදාගනු ලැබේ. සිය නිර්මාණාවබෝධය කරා ගිය ගමනේ බුදුන් වහන්සේ ළගාකරගත් එක් ධ්‍යාන මට්ටමක් වූයේ සිතේ සමාධිය ඇතිකර ගැනීමයි. සෙන් සම්ප‍්‍රදායේදී සාසෙන් හෝ ෂිකන්ටසා (සෝටෝ සම්ප‍්‍රදායේදී) සමඟ ආනාපානසතිය පුරුදු පුහුණු කරනු ලබයි. ආනාපානසතිය සෙසු සාම්ප‍්‍රදායික භාවනා ක‍්‍රම සමඟින්ද වැඩිය හැකිය. ආනාපානසතිය සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පදනම් වනනේ නිර්වාණාවබෝධය ලබාගැනීමේදී උන්වහන්සේ අනුගමනය කළ අත්දැකීම් පදනම්කොටගෙනය.


Read
Download


Nov
15

Bawana Athpotha – Ven Madawala Upali Thero

මඩවල උපාලි හිමියන්ගේ භාවනා අත්පොතට පෙරවදනක්‌ සපයන මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මෙසේ භාවනාව ගැන ප්‍රකාශ කරයි.

බුදුදහමෙහි ප්‍රායෝගික හරය ගැබ්වී ඇත්තේ භාවනාවෙහිය. බෞද්ධ ධර්ම මාර්ගය කෙරෙහි දේශීය විදේශීය බොහෝ දෙනෙකුගේ දැඩි අවධානය යොමුවී ඇත්තේද මෙම ආධ්‍යාත්මික සංවර්ධන ක්‍රියාදාමය නිසාය. බුදුන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබූ ජීවිතයේ උත්තම යථාර්ථයන් පසක්‌ කළ හැක්‌කේ ද වීර්යය හා බැඳුණු මෙම ක්‍රියාමාර්ගය තුළින්ය. එහෙත් නූතනයේ භාවනාව තරම් වැරදි හා අපහැදිලි අර්ථ කථනයන්ට ලක්‌වූ තවත් බෞද්ධ මාතෘකාවක්‌ නැති තරම්ය. ඊට හේතු රාශියකි. පැහැදිලි අත්දැකීමක්‌ නොමැති හුදු බුද්ධි ගෝචර දත්ත ආශ්‍රයෙන් භාවනාව ගැන විග්‍රහ කිරීම හා මානසික ක්‍රියාකාරීත්වය පිළිබඳ විවරණ කිසිවෙකුගේ අභියෝගයට ලක්‌නොවීම ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව පෙනේ.

භාවනාවේ ඇති මනෝවිද්‍යාත්මක වැදගත්ම ගැනද බොහෝ අය අවධානය යොමු කරමින් පර්යේෂණ කටයුතු කරගෙන යනු ලැබේ. මනෝවෛද්‍ය මහාචාර්ය විජය දිසානායක භාවනාවේ ඇති මනෝවිද්‍යාත්මක අගයක්‌ මෙසේ දක්‌වා ඇත. පෙරදිග ලෝකය තුළ භාවනා සංකල්පයට ඉතාමත් දීර්ඝ ඉතිහාසයක්‌ ඇති මුත් යුරෝපා ඇමෙරිකා වැනි බටහිර ලෝකයට නම් භාවනාව යන්න ඉතා මෑතකදී භාවිතයට පැමිණි සංකල්පයක්‌ය. මේ පිළිබඳ ඔවුන් තුළ අලුත් උද්යෝගයක්‌ සහ අවධානයක්‌ විශේෂයෙන්ම මනෝවිද්‍යා ක්‍ෂේත්‍රවල කටයුතු කරන මනෝවෛද්‍යවරුන් මනෝචිකිත්සකයින්, මනෝවිද්‍යාඥයින් අතර දක්‌නට ඇත.

Read
Download

.



Older posts «