Jun
08

Abhidharmaya Part 1

අභිධර්ම පිටකය හැදින්වීම – 1 වෙනි කොටස


අභිධර්ම පිටකය යනු කුමක්ද?

බුදුරජානණ්වහන්සේ බුදු වීමෙන් සතරවන සතියේ රතනාගරයේ- දෙවියන් විසින් මවන ලද රුවන් ගෙහි වැඩ හිද එක දිගට ම සතියක් මුලුල්ලේ සිහිකරන්න ට යෙදුනා වූ සප්ත ප්‍රකරනය යි.

බුදුරජානන්වහන්සේ අභිධර්ම පිටකය දේශනා කොට වදාළේ   බුදුවීමෙන් සත්වන වර්ෂයේ දී දෙව්ලොවදී ය. මනා ලෙස විග්‍රහ කර ඇති මෙම දේශනා  කොටස් වශයෙන් මින් ඉදිරිය ට ඔබගේ ධර්ම අවබෝධය පිනිස පල කෙරේ.


Download

 

===================================================================

කියවීම සදහා සම්පූර්ණ අභිධර්ම පිටකය පහත වෙබ් අඩවියෙන් ඔබට ලබා ගත හැක.

http://www.aathaapi.net/Thripitaka.html


Feb
19

Arya Ashtangika maga – Ven.Na Uyane Ariyadhamma Thero

ආර්ය අෂ්ඨාංගික මාර්ගය
 
පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

සාදු.!සාදු.!සාදු.! ඔබවහන්සේට පින්සිද්ද වේවා.! මෙවන් ඉතාමත් අනර්ග දේශනා අපව තව තවත් ධර්මය තුලට රැගෙන යන අතර. නමස්කාරයෙන් ආරම්භ කර, පන්සිල් තුලින්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය හරහා අභිධර්මය තුලට ක්‍රමයෙන් ඔබවහන්සේ මේ උතුම්වූ ධර්ම දේශනයෙන් අපිව රැගෙන යන්නේ, අප තුල පවතින්නාවූ ධර්ම ගැටලු රැසකටද පිලිතුරු සපයමිනි. ( ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල අභිධර්මය පිහිටා ඇති ආකාරය මෙම දේශනාවට අනුව අවබෝධකර ගැනීමෙන්)


Download

.


May
11

Karma Vibagaya – Ven Na Uyane Ariyadhamma Thero

කර්ම විභාගය
පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

ලොව බුදුරජානණ්වන්සේ නමකට හැර වෙන කාටවත් තත්වකාරයෙන් ගත නොහැකි අචින්තනීය ධර්මයන් හතරෙන් එකකී කර්ම විෂය. නමුත් මෙම කර්මය කියන එක හසුරුවන ආකාරය අවබෝධ කර ගැනීමෙන් කර්මය ගැන බියක් නොමැතිව තමන්ගේ ජීවිතය සුගතියට, නිවනට පමුනුවා ගන්න පහසු වෙනවා. එම නිසා මේ සම්බන්දව අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. සැප/දුක් විදිමින් තමා පසුපස සෙවනැල්ලසේ එන එකම ධර්මය කර්මයයි.

සුත්‍ර පිටකයේ සදහන් දොලොස් (12) ආකාරයේ කර්ම විභාගයත්, අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරනයේ, ඥාන විභංගයේ දැක්වෙන දහසය (16) ආකාරයේ කර්ම විභාගයේ සම්පත්ති සතර සහ විපත්ති සතර සම්බන්ධව මනා විග්‍රයක් නාඋයනේ අරියධම්ම මහනාහිමිපානණ්වහන්සේ ඉතාමත් විචිත්‍රව දේශනා කිරීම, අභිධර්ම පිටකය අධ්‍යයනය කිරීමේ ඇති වටිනාකම මොනවට පැහැදිලි වේ. නිර්වානය දක්වා යන ගමනේ සියුම් වූ ධර්ම කොටස් හදුනාගැනීමට අභිධර්මය මොන තරම් දුරට උපකාරී වෙනවාද යන්න මෙම දේශනය හොදින් අසා, අවබෝධ කර ගැනීම තුලින් ඔබට මනාව වැටහෙනු නියතයි.

ර්මය ගැන ගැඹුරු වැටහීමක් නැති, අභිධර්මය ගැන සැක පහල කරගෙන සිටිනා අයට මෙම කර්මය සම්බන්ධ දේශනය, අභිධර්මයේ ඇති වැදගත් කම වටහා ගැනීමට ප්‍රවේශයක් වේවා! සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !


Download


Jul
01

Panchaseelaya – Ven Na Uyane Ariyadhamma Thero

පංච සීලයේ රැකීමේ ආනිසංස සහ නොරැකීමේ ආදීනව

පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

Source :Sudarshana Dissanayake

බුදුරජානණ් වහන්සේ පරිනිර්වාණයට ආසන්න කාලයේ දී පාඨලීපුත්‍ර නගරයට වැඩිය අවස්ථාවේ පාඨලීපුත්‍ර වැසියන්ට පංච සීලය නොරැකීමේ ආදීනව පහක් සහ පංච සීලය රැකීමේ දී ලැබෙන ආනිසංස පහක් විස්තර කරමින් සීලය නොරැකීම නිසා ධනයෙන් පිරිහෙන අතර අපකීර්තියටත් පත්වේ, සීලය නොරකින්නා බියගුලු කෙනෙක් ද, ගුණමකු කෙනෙක් ද, මරණාසන්න මොහොතේ දී සිහිමුලා වූවෙකු වී, මරනිණ් මතු අපාගත වන බවත් දේශනා කොට වදාළ සේක. සීලය රකින්නා ධනවත් වන බවත්, සීලවන්තයාගේ ගුණ දසත පැතිරෙන අතරේ මරණාසන්න මොහොතේ දී මනා සිහිනුවණින් යුක්ත වේ, අවසානයේ මරණින් මතු සුගතියේ ඉපදේ.

ඉන්පසු බුදුරජානණ් වහන්සේ කෝටික්ග්‍රාමය ට වැඩම කොට එහි දී සත්‍ය සතර හෙවත් චතුරාර්‍ය සත්‍ය ධර්මය ගැඹුරින් විස්තර කරමින් දෙසූ ඒ අගනා  දීර්ඝ ධර්ම දේශනය නා උයනේ මහනාහිමි මනාව පැහැදිලි කරමින් එම දේශනාවෙන් බුදුරජානණ් වහන්සේගේ පරමාර්ථය කුමක්ද? යන්න මතු කරමින් බුදුරජානණ් වහන්සේගේ රමාර්ථය වූ ලෝක සත්වයා, දාන, සීල, භාවනා තුලින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණ තුන මැනවින් අවබෝධ කරගෙන නිත්‍ය, සුඛ, පරමත්ථ කියන නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම් වශයෙන් චතුරර්‍ය සත්‍ය අවබෝධ කර ගනිත් වා! යන අදහසින් තමයි ලොවට ධර්ම දේශනා කොට වදාළේ .

එසේ නම් මේ පංච ස්කන්ධ යේ ඇති චිත්තය, චයිතිසික, රූපය යන කොටස් තුන ගැන අප හැම අවබෝධ කරගෙන සිටීමේ ඇති වැදගත්කම මෙම දේශනාවෙන් මොනවට පැහැදිලි වේ. එසේ නම් මෙම ධර්ම කොටස් තුන ගැන මැනවින් විග්‍රහ කර ඇති අභිධර්මය පිළිනොගන්නන් හට කාගේ පිහිටක් ද??


Download


Older posts «