Mar
09

A Survey of Vinaya Literature – Charles S. Prebish

The most important research tool for vinaya studies. Covers both primary and secondary sources in Sanskrit, Pali, Tibetan, and Chinese as well as modern sources in English, French, German and Japanese. Properly speaking, the Vinaya Pitaka, or that portion of the Buddhist canon regulating the monastic life of the monks and nuns, is composed of three parts: the (1)Sutravibhanga, (2) Skandhaka, and (3) Appendices. However, consideration of Buddhist monastic discipline must be taken in broad perspective, focusing not only on that portion of monastic law which was canonized, but on Vinaya literature in general, thus affording us an opportunity to view the developmental process going on within the early Indian Buddhist community in the first few centuries following Buddha’s death. Consequently, we can include the Pratimoksa and the Karmavacanas, although not considered to be canonical strictest sense, under the heading of Paracanonical Vinaya Literature, and the commentaries and miscellaneoustexts under the heading of Non-Canonical Vinaya Literature.

(more…)


Apr
03

Bodhu Sirith

සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර වූ කලී අතීතයේ පටන් පැවැත එන සමාජ වත් පිළිවෙත් ය. ඕනෑම සමාජයක යහපත අයහපත තීරණය කෙරෙනුයේ එකී සිරිත් විරිත් හි භාවිතය සමඟිනි.

මෙහි දී සිරිත් යනුවෙන් කළ යුතු දේ කිරීමත් විරිත් යනුවෙන් නොකළ යුතු නොකිරීමත් යන කාරණය අවධාරණය කෙරෙයි.

අතීත සමාජය හා සසඳා බැලූ කළ වර්තමාන සමාජයේ බහුතරයක් සිරිත් විරිත් අනුගමනය කරන්නට දක්වනුයේ තරමක මැලිකමක් බව පෙනෙන්නට ඇත.

Download

.


Mar
05

Vinaya Karma Potha- Ven Rerukane Chandawimala Thero

තිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත විනය කර්‍ම පොත නම් කෘතියෙන් පිටපත්කර ඉදිරිපත් කරනලදී.

සම්බුද්ධත්වයෙන් මුල් විසි වසර ඉක්මුණු පසු ගිහි පැවිදි ශ්‍රාවක පිරිස් ඉතා සංකීර්ණ තත්ත්වයට පත්වීම නිසා සසුනේ අනාගත පැවැත්ම උදෙසා විනය නීති, විනය කර්ම පැනවීමට බුදුරජාණන් වහන්සේට සිදුවිය.ඒ අනුව භික්‍ෂුන් වහන්සේලාගේ නොමනා හැසිරීම් නිශේධනය කරනු සඳහා සිකපද පැනවූ අතර, පසුව එම නෛතික දේශනා “ “විනය පිටකය “ ලෙස සංග්‍රහ විය.

Read
Download

======================================================

“විනය කර්‍ම” සම්පූර්ණ පොත

Read
Download

.


Jun
02

Visuddhimargaya – Ven Buddhaghosa Thero

විස්තරාර්ථ සන්න සහිත විශුද්ධිමාර්ගය

බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ

Source : Dhamma Books

බුද්ධඝෝෂ හිමියන් භාරත බෞද්ධ සාහිත්‍යයේ අතිශ්‍රේෂ්ඨ ග්‍රන්ථ කර්‍තෘවරුන් අතර බොහෝ විචාරකයන්ගේ පැසැසුමට ලක්වූ කීර්තිදරයෙකි.” මහාවංශය තුළින් බුද්ධ‍ඝෝෂ හිමියන්ගේ තරමක ජීවන තොරතුරු දැනගත හැකි ය. මහාවංශයේ සදහන් පරිදි බුද්ධඝෝෂ හිමියන් උපත ලබා තිබෙන්නේ බුද්ධගයාව ආසන්නයේ බව සදහන් වේ.

බුද්ධඝෝෂ හිමියන් තම ගුරු රේවත හිමියන් ගේ අවසර ගෙන ලක්දිව ට වැඩම කර තිබේ. බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ තමා මෙහි පැමිණියේ සිංහලාර්ථකථා මාගධියට පෙරලනු පිණිස බව දන්වා ඇත. එබඳු වැඩකට නම් ත්‍රිපිටකවර්ණනාවෙහි දක්‍ෂකම බැලිය යුතු යැයි සංඝරාජයන් වහන්සේ පවසා, සංයුක්ත නිකායේ එන “අන්තෝ ජටා බහි ජටා” යන ගාථාව අනුසාරයෙන් ග්‍රන්ථයක් රචනා කරන්නැ යි නියම කළේය.

ඒ අනුව ලියන ලද ග්‍රන්ථය විශුද්ධි මාර්ගයයි. සත් මහලින් යුත් ගොඩනැගිල්ලක පහත මාලයේ සිට දිනපතා පිඬුසිඟා වැඩීමෙන් අනතුරුව තල්කොළ අහුලාගෙන අවුත් ඒවායේ පොත් ලිවීම ආරම්භ කරනු ලැබීය. එක්තරා වෙළෙන්දෙක් උන්වහන්සේ වඩිනා මඟ තල්කොළ විසුරුවා හැර සැගවී බලාසිටි බවත් ඒවා ගෙනගොස් පොත් ලියනවා දැක දිනපතා දානය ද දෙන්නට වූ බවත් සඳහන් වේ.

සම්පූර්ණ පොත පහත පිවිසුමෙන් බා ගන්න.

Read
Download


Older posts «