May
12

Amisa saha Prathipaththi Puja

ආමිස සහ ප්‍රතිපත්ති පූජා පිළිබදව පොහෝ දින සාකච්ඡාවච

බෞද්ධ දර්ශනයට අනුව ආමිස සහ ප්‍රතිපත්ති පූජා යන අංශ දෙකම වැදගත් වන ආකාරය ගැන මනා විග්‍රහය කරමින් එයට මනා අර්ථකථනයක් දෙමින් ආරම්භ වන මෙම ධර්ම සාකච්චාව මෙසේ විග්‍රහ කරන්නට යෙදුනි.

ප්‍රතිපත්ති ගැන කථා කරන විට ප්‍රධාන වශයෙන් නමයක් ගැන විග්‍රහ වෙනවා මෙයින් විස්තර කරන්නේ කුමක් ද? 

බුදුරජානණ් වහන්සේ ප්‍රතිපත්ති පූජා ප්‍රධාන කොටස් දෙකකට බෙදා විස්තර කර තිබෙනවා……..

 

Download

.

 


Jun
20

Appamada Sutta – Ven Na Uyane Ariyadhamma Thero

අප්පමාද සුත්‍රය
පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

බුදුරජානණ්වහන්සේ විසින් සැවැත් නුවර ජේතවන මහා විහාරයේ වැඩසිටිනා කාලයේ දී, පසේනදී කෝසල මහා රජතුමානණ්ගේ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙන් දේශනා කරන ලද අප්පමාද සුත්‍රයෙහි ගාථා තුනක් ධර්ම දේශනය සදහා මාතෘකා කරගෙන ඇත.

මෙලොව ප්‍රාර්ථනා මුදුන් පමුනුවා ගැනීමට හා පරලොව සුගතිය, නිවන ලබාගැනීමට ඒකායන මාර්ගයක් තිබේ ද? සෑම කෙනෙක් ම කැමතියි වැඩි කලක් ජීවත් වන්න. එම නිසා ආයුෂ ප්‍රර්ථනා කරයි, නිරෝගි සුවය ප්‍රාර්ථනා කරයි. ශරීර වර්ණයත්, ගුණ වර්ණනාවත් ප්‍රාර්ථනා කරයි. මතු ස්වර්ග ලෝකෝත්පත්තිය ප්‍රාර්ථනා කරයි. මේ සියලු සැප ලබා ගන්නේ කෙසේද?

නා උයනේ මහනාහිමි මෙම ධර්ම දේශනයෙන් මේ සියලු සැප ලබා ගැනීමේ බුදුරජාණන්වහන්සේ  දෙසූ මාර්ගය මැනවින් පැහැදිළි කරයි.


Download


Jun
15

Chachakka Sutta: The Six Sextets, Majjhima Nikaya – Ven Doloswala Udithadeera Thero

ඡඡක්‌ක සූත්‍රය – මජ්ජිම නිකාය-3, උපරිපණ්‌ණාසපාළි, 5.සළායතනවග්‌ගො (පිටු  අංක  582 සිට 592)

පූජ්‍ය දොලොස්වල උදිතධීර හිමි

ඡඡක්‌ක සූත්‍රය මජ්ජිම නිකාය මෙම සූත්‍ර දේශනාවේ ආශ්චර්යමත් සිදුවීම මෙම ලංකාදීපයේ දී සිදු වීය. එම නිසා අට්ඨ කථාව ට අනුරධපුර මහා භික්ෂූන් වහන්සේලා මේ ආශ්චර්යමත් සිදුවීම ඇතුලත් කර තිබුනා. එය නම් නමින් මලියදේව නම් තෙරුන් වහන්සේ කෙනෙක් පහල වීමෙන් සහ උන්වහන්සේ අනුරාධපුර වැඩම කර මහල් නමයකින් සමන්විත වූ ලෝවාමහාපායේ පහත මාලයේ දී මෙම ඡඡක්‌ක සූත්‍ර දේශානාව වඳාළන ලදුව 60 නමක් මෙම දේශනයෙන් රහත් භාවයට පත් වූ අතර      එහිදීම තවත් වතාවක් මෙම දේශනය වඳාළ පසු  තවත් 60 නමක් රහත් වීය. ඉන් පසු මිස්සක පව්වට වැඩිය මලියදේව මහරහතන් වහන්සේගේ මෙම සූත්‍රය දේශනයට සවන් දීමෙන් එහිදී ද, තවත් 60 නමක් රහත් විය. තවත් ස්ථාන කීපයකම උන්වහන්සේ මෙම දේශනාවම වඳාළා ඒ හැම අවස්ථාවක දී ම, 60 නම බැගින් රහත් භාවයට පත්විනී.   

සාසන ඉතිහාසය ගැන නො දන්න කම නිසා අනුරාධපුර වන්දනාවේ යනවිට වට්ටාරම ට එකතු කර ගෙන යන දහම් පාසැල් ළමයිනට කියා දෙනවා ” මේ තමයි මලියදේව මහරහතන් වහන්සේ සැතපුනු ඇඳ“මේ තමයි ලංකාවේ අන්තිම මහරහතන් වහන්සේ වැඩ සිටි තැන”, “අද කාලයේ රහතන් වහන්සේලා නැහැ පුතේ” කියා ළමයිගේ පුංචි ඔලු වලට දානවා මේවැනි මිත්‍යාදෘෂ්ටියක් පුංචි කාලයේ ම. බලන්න මලියදේව මහරහතන් වහන්සේ 60 තැනක දී මෙම ඡඡක්‌ක සූත්‍රය දේශනා කරන ලදුව 3600ක් රහතන් වහන්සේලා බිහි වෙනවා. උන්වහ්නසේලා ඊට කලින් පිරිණිවන් පෑව ද? අප කියමු පිරිණිවන් පෑවාම කියා. ඒත් මේ අට්ඨ කථාවේ තිබෙනවා පසු කාලයක චූලනාග කියා රහතන් වහන්සේ කෙනෙක්………..

මේ බහුතරයක් බෞද්ධයන් මලියදේව මහරහතන් වහන්සේ අවසාන රහතන් වහන්සේ ලෙසට හදුන්වන්නේ,   මලියදේව මහරහතන් වහන්සේ පිරිණිවන් පාන අවස්ථාවේ සිදු කළ උදාන වාක්‍ය වැරදි කොනෙන් අල්ලා ගැනීම නිසා ය. අසන්න මේ දේශනාව අවබෝධයෙන්. සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

 

සූත්‍රය පාළියෙන් කියවීමට මෙම වෙබ් පිටුවේ 6 වෙනි සුත්‍රය

.


Jan
22

Chuula Gopala Sutta – Majjima Nikaya

චූල ගෝපාල සූත්‍රය – මජ්ජිම නිකාය 

බොහෝ විට බුදුරජාණන් වහන්සේ අප්‍රකට දේ පැහැදිළි කළේ ප්‍රකට දේ පාදක කරගෙන යි.

ඒ කියන්නේ මතුපිටෙන් පෙනෙන දේ පාදක කරගෙන බොහොම ගැඹුරු ධර්මය සවිස්තරාත්මක අප බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන ආකාරය අපට වැටහා ගැනීමට හැකි වෙනවා මෙවන් සූත්‍ර දේශනාවන් විමර්ෂනය කිරීමේ දී.  

Download

.


Older posts «