Aug
16

A Personal Appreciation

Ven.Balangoda Ananda Maitre Mahanayaka

Venerable Balangoda Ananda Maitreya was one of the great personalities of Theravada Buddhism in the twentieth century, and it is testimony to his vast store of past merits that his life span stretched clear across this century from its beginning almost to its end. In the course of his exemplary life this outstanding Mahathera has held some of the most prestigious academic and ecclesiastical posts in the country

by Ven.Bhikkhu Bodhi

Read
Download


Nov
04

Anada Meth Mahanahimi pilibanda Mathakayan

අනඳමෙත්මහනාහිමිපිළිබඳමතකසටහනක්

මේ ලිපිය බළන්ගොඩ මහනාහිමි 12 වැනි සමරුව නිමිත්තෙන් පළ වේ.

තා කුඩා ගොඩනැගිලි තුනකින් හා අලුතින් ඉදිකරනු ලැබු විද්‍යාගාරයකින් යුතු බළන්ගොඩ මහා විද්‍යාලයේ (දැනට බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසලේ) අහඹුවෙන් සිප් සතර හැදෑරීමට මට අවස්ථාව ලැබුණි. ගොඩනැගිලි නොමැති බැවින් විද්‍යාල භූමියේ වැවී තිබුණු රුක් අත්තන හා අඹ ගස් සෙවණේ ඉගෙනීමේ කටයුතු කරගෙන යෑමට සිදුවිය.

ගිහි හා පැවිදි බැහැරින් එන ශිෂ්‍යයන් වැඩි දෙනෙක් නේවාසිකව සිටියේ මහා විද්‍යාලයට යාබද මහා නාහිමිපාණන් වැඩ සිටි බළන්ගොඩ මිරිස්වත්ත ධර්මානන්ද පිරිවෙණ අවට ඉදිකර තිබු කුඩා කුටිවලය. මහරගම වටයවත්තේ චන්ද්‍රශේඛරාරාමයේ සිට සති අන්තයට පැමිණෙන නාහිමියන් මිරිස්වත්ත ධර්මානන්ද පිරිවෙණේ වැඩිපුර වැඩ සිටියේ උන්වහන්සේගේ පුස්තකාලය එහි වූ බැවිනි. බළන්ගොඩ බුලත්ගම උඩුමුල්ලේ නන්දාරාමය උන්වහන්සේගේ පැවිදි පන්සල වුවත් පුස්තකාලයකට තරම් සුදුසු ගොඩනැඟිලි එහි නොතිබීම හේතුවෙන් බළන්ගොඩ මිරිස්වත්තේ උන්වහන්සේ වැඩ සිටි සේක.

Read
Download

.


Oct
22

Apata Nopenenana Lokaya – Balangoda Ananda Maitre Thero

බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමිය විසින් කථිත

“ආධ්‍යාත්මික ගැඹුරු ධර්මතා නූතන විද්‍යාවට තවම අසුවී නැහැ”

මතුගම මහින්ද විජේතිලක මහතා ලියූ ‘අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ’ නමැති පොතේ (ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි විසින් කථිත) “ආධ්‍යාත්මික ගැඹුරු ධර්මතා නූතන විද්‍යාවට තවම අසුවී නැහැ”යන මාතෘකාව යටතේ ඉතාමත් අගනා ධර්ම කරුණු විග්‍රහයක් මෙම පොතේ පිටු අංක 144 සිට 150 ඇත. අන්තරා භවය පිලිබදව ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි දැරූ අදහස්ද ඉදිරිපත් කර ඇත.

මෑත භාගයේ ශ්‍රී ලංකාවේ වැඩ සිටි විශිෂ්ටතම මහා යතිවරයකු වන අතිපූජ්‍ය බළන්ගොඩ  අග්ගමහාපණ්ඩිත, මහාචාර්ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමියන් යම් කරුණක් වදාලේ, උන්වහන්සේ පොත්පත් ඇසුරෙන්, ජීවිතයේ ප්‍රායෝගිකව ධම්ම දැනුමෙන් ලබාගත් අවබෝධයන් මතය.

 

Read
Download

.


Jan
04

Balangoda – Ven Balangoda Ananda Maitreya Thero

ඓතිහාසික බළංගොඩ

බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය ස්වාමින්වහන්සේ විසින්

බළන්ගොඩ ප්රදේශ පිළිබද ඓතිහාසික තොරතුරු හා බළන්ගොඩ නගර සභාවේ ඉතිහාසය

පහත පළවන ලිපිය 1991 වසරේදී බළන්ගොඩ නගර සභාව විසින් ප්‍රකාශයට පත් කල බළන්ගොඩ නවෝදය සමරු කලාපය සදහා බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය ස්වාමින්වහන්සේ විසින් ලියන ලද්දකි.


Read
Download

.


Older posts «