Jun
28

Abhidharma Maargaya – Ven Rerukane Chandawimala Thero

අභිධර්ම මාර්ගය

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

දෙව්, මිනිස්,ඇත්, අස්, ගව, මැසි, මදුරු, ආදි කුඩා මහත් සියලු සතුන් හා පස්, ගල්, දිය, සුළං,ගස්, වැල් ආදි සියලු වස්තූන් ද සෑදෙන මූල ධාතූන් විභාග කොට දක්වන්නා වූ ද, ඒ මූල ධාතූන් ඇති වන සැටි පරම්පරා වශයෙන් පවත්නා සැටි උගන්වන්නා වූ ද, නිර්වාණ ධාතුව විභාග කොට දක්වන්නා වූ ද ධර්මය අභිධර්මය යි.

දැනට ජීවත්ව ඉන්නා මේ මනුෂ්‍යාදී සත්වයන් අතීතයේහි ද විසූ බවත්, මරණින් මතු නැවත නැවතත් උපදනා බවත්, නැවත ඉපදීම සිදුවන සැටිත් හරියට දත හැක්කේ අභිධර්මය උගෙනීමෙනි.

පින්ය කියාදෙයක් ඇති බවත්, පව්ය කියා දෙයක් ඇති බවත්, ඒ පින් පව්වල ඇති බලයත්, පින් පව්වලින් සත්වයන්ට සැප දුක් දෙන සැටිත් හරියට තේරුම් ගත හැක්කේ අභිධර්මය උගෙනීමෙනි. පින් මේවා ය, පව් මේවා ය කියා හරියට දත හැක්කේ ද අභිධර්මය උගෙනීමෙනි.

නිවන කුමක්ද? නිවන් මග කුමක් ද? කියා හරියට තේරුම් ගත හැකි වන්නේ ද අභිධර්මය උගෙනීමෙනි.

මතු ඉපදීමක් ඇති බව නො පිලිගන්නේ, කර්මානුරූප ව සත්වයන් සුව දුක් ලබන බව නො පිලිගන්නේ, අපායවල් ඇති බව දෙව් බඹුන් ඇති බව නො පිලිගන්නේ මේ ධර්මය නො දන්නා බැවිනි.

බුදු පිළිමවලට වදින්න ඕනෑ නැත, අජීවමාන බුදුනට මල් පහන් ආහාරාදිය පුදන්නට ඕනෑ නැත යනාදි මිථ්‍යා අදහස් ඇති වන්නේ ද මේ ධර්මය නො දන්නා නිසාය.

බෞද්ධයෙක් වුව ද මේ අභිධර්මය තරමක් දුරටවත් නො දත් තැනැත්තා අන්ධ පෘථග්ජනයෙකි. ඔහුට බණක් අසා හෝ බණ පොතක් කියවා හෝ තේරුම් ගත් නො හැකිය. කියන බණක් හොදින් තේරුම් ගත හැකි වීමටත්,බණ පොතක් කියවා හොදින් තේරුම් ගත් හැකි වීමටත් තරමක් දුරටවත් අභිධර්මය උගෙන තිබිය යුතු ය.

සම්පූර්ණ පොත පහත පිවිසුමෙන් බා ගන්න.

Download



Mar
29

Abhidharmaya Abuddha Deshanayak Kiyannanhata – Ven Rerukane Chandawimala Thero

“අභිධර්මය පිටකය අබුද්ධ දේශිතය කැයි කියන්නවුන්ට පිළිතුරු”

පූජ්‍ය රේරුකානේ චන්දවිම්ල මහනායක හිමියන් විසින් රචිතඅභිධර්මයේ මූලික කරුණු” නම් කෘතියෙන් උපුටාගන්නා ලදී.(පිටු අංක 201 සිට 207)

අභිධර්මය බුද්ධ දේශනාවක් ද නැද්ද යන කාරණයද බොහෝ දෙනෙකුගේ විවාදයට ලක් වුයේ බොහෝ කාලයක සිටය.

ඉහත කෘතියේ පලමුවන මුද්‍රණය වූ 1951 වසරේද අභිධර්මය බෞද්ධ දේශනාවක් නොවේ කියන්නන් සිට ඇති බව මෙම ලිපිය කියවන ඔබට වැටහෙනු ඇත. අද දවසේද මෙවන් මිත්‍යා මත දරන්නන් බිහිවී ඇති බව අප කවුරුත් දන්නා ප්‍රකට කරුණකී. මෙවැනි වූ මිත්‍යා මත දරන්නන්ට මෙම ලිපියෙන් රෙරුකානේ චන්දවිමල මාහිමියන් උදාහරන දක්වා, අභිධර්මය බෞද්ධ දේශනාවක්ම බවට සනාථ කර ඇත. මෙම ලිපිය ඔවුන්ගේ මිත්‍යා මතයන් ඉවත්කර ගෙන, මේ  උතුම් වූ ධර්මය මේ සසරෙන් එගොඩ වීමට පහුරක් ලෙසට භාවිතා කිරීමට ශක්තියක්ම වේවා! සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !

ඉහත පිටු කීපය කියවීමට/බා ගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

Read
Download


Jun
04

Abhidharmaye Mulika Karunu- Ven Rerukane Chandawimala Thero

අභිධර්මයේ මූලික කරුණු

“අභිධර්මයේ මූලික කරුණු” නැමැති මේ පොත අප විසින් සම්පාදනය කරන ලද්දේ මෙයින් ම අභිධර්මය උගෙනීමට නොවේ. පරමාර්ථධර්ම අතිසූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් පොතපත කියවීමෙන් හා ගුරුන් ගෙන් ඇසීමෙන් ද ඒ ධර්මය උගන්නා තැනැත්තන්ට නොයෙක් විට වැරදි හැගීම් ඇති වෙයි. වැරදි හැගීම් ඇතිවීම යයි කියනුයේ පරමාර්ථ ධර්ම වැරදි ලෙස තේරුම් ගැනීමය. මෙකල අභිධර්මය උගෙන ගෙන සිටින අය අතර ද බොහෝ දෙනා ඇතැම් කරුණු වරදවා තේරුම් කරගෙන සිටින බව ඔවුන්ගේ කථා වලින් ද ඇතැම් ලියවිලි වලින් ද අපට පෙනිණ. අපට මේ පොත ලිවීමේ අදහස පහළ වූයේ ද එහෙයිනි.

වැරදි හැගීම් ඇති වීමේ ප්‍රධාන හේතුව වචනවල අවුලය. දැන් තිබෙන පරමාර්ථ ධර්ම දක්වන පොත් සියල්ල ම වාගේ සම්පාදනය වී තිබෙන්නේ වචන ප්‍රධාන කරගෙන ය. වචනය විග්‍රහ කොට වචනයට අනුව ම ධර්මය තේරුම් කරන්නට ඒ ගත් කරුවන් උත්සාහ කර තිබේ.  විග්‍රහ කොට වචනය වර්ණනා කිරීම් වශයෙන් කරන ධර්ම විවරණයෙන් ඒ ඒ ධර්ම තේරුම් ගැනීම අපහසුය. ධර්මය උගනුවන්ට වැරදි හැගීම් ඇති වීමට වචන වර්ණන කිරීම් වශයෙන් ධර්මය දැක්වීම ද එක් හේතුවකී. එබැවින් අප විසින් ඒ ක්‍රමය නොගෙන ධර්මය ම ප්‍රධාන කර ගෙන ධර්ම විවරණය කිරීම වශයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී.

අභිධර්මය උගන්නකුට වඩාම පිරිසිදු දැනුමක් වුවමනා වන්නේ අභිධර්මයේ මෞලික කරුණු ගැනය. එබැවින් ඒ කරුණු ගැන දැනුම පිරිසිදු කර ගැනීමට උපකාර වීමේ අදහසින් ශක්ති පමණින් මේ පොත සම්පාදනය කරන ලදී. අභිධර්මාර්ථ සංග්‍රහය ආදි පොත්වලින් අභිධර්මය උගන්නා වූ ද්, උගත්තා වූ ද, අභිධර්මය උගන්වන්නා වූ ද, කාහටත් මෙයින් මහත් ප්‍රයෝජනයක් වනු ඇතය යනු අපගේ විශ්වාසය ය.

සම්පූර්ණ පොත පහත පිවිසුමෙන් බා ගන්න.

Download

.


Sep
15

Adaththadana – Dasha Akusal (2-10) – Ven Rerukane Chandawimala Thero

දශ අකුසලයේ – (2 – 10) අදත්තාදානය

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

මහනාහිමියන් විසින් රචිත බෞද්ධයගේ අත්පොත නම් කෘතියෙන් දශ අකුසලය සම්බන්දව පලකර කොටසින් (පිටු අංක 57 සිට 65) පිටපත්කර ඉදිරිපත් කරනලදී. දස අකුසල් අතරින් ද දෙවැනි අකුසළය වන අදත්තාදානය ගැන සදහන් ඉතාමත් අගනා විස්තරය උන්වහන්සේට උපහාරයක් පිණිස සහ සියල්ලන්ගේ ධර්මාවබෝධය පිනිස ඉදිරිපත් කරමී. ඉතිරි අකුසල ධර්මය කොටස් වශයෙන් ඉදිරි සති වලදී පලකෙරෙණු ඇත.

සොරකම් කරන්නා මෙලොවදී නින්දා අපහාස ලබයි. සමාජය විසින් ඔහු පිළිකුල් කරයි. ඔහුව ගරහයි. එසේම නීතියෙන් දඬුවම් ලබයි. පරලොවදී සතර අපායේ උපදී. ආත්මවලදී දුගී දුප්පත්ව උපදී. දහම් දැනුම ලැබ ගුණ දහම් වලින් සන්නද්ධ වූ දැහැමි ආකල්පයන්ගෙන් පිරිපුන් තැනැත්තා අදත්තාදානයෙන් වළකී.

Read
Download

 

බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. Download

.

 

-


Older posts «