Sep
10
A-pali-word-a-day – by Mahindarama Sunday Pali School
This booklet aims to assist new Buddhist students who are unfamiliar with some of the Pali words often used in the study of Buddhism.
As the title of the booklet suggests, we encourage the learning and use of Pali words by learning one word each day.The Booklet can serve serve as both a dictionary and a glossary of terms for your reference.
We select these basic Pali words as a foundation for a deeper understanding of the Buddha-Dhamma- further study and research into the Pali Ti-Pitaka is strongly recommended.
May this Booklet enhance your your studies and promote your progress upon the path of our Master – The Buddha.
Please click on below links for the complete booklet.
Aug
29
Abinikmana – Ven Katukurunde Ñāṇananda Thero
අබිනික්මන - පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි
ඈත ජනපදවලින් බුදු පියාණන් වහන්සේ දකින්න වැඩම කළ සංඝයා වහන්සේලා පිරිසක් පසු දවසේ පිණ්ඩපාතයේ වඩින අතරේ බන්ධනාගාරයට ගිහිල්ලා සොරුන් දැකලා ලොකු සංවේගයකට පැමිණිලා ඇවිත් බුදුරජාණන් වහන්සේට කියනවා “භාග්‍යවතුන් වහන්ස, අද අපි පිණ්ඩපාතයේ වඩින අතර හිර ගෙදර හිර කරපු අය බැඳලා ඉන්නා ආකාරය දැක්කා. ඒ අය ඉතාමත් දුක් විඳිනවා ඒ බන්ධන කඩා ගන්න බැරිව. ඒ විදිහට දුක් රාශියක් මැද්දේ වෙනවා දැක්කා.
භාග්‍යවතුන් වහන්ස මීටත් වඩා දැඩි බන්ධන තිබෙනවා ද ලෝකේ? කියලා ඇහුවා. එතකොට බුදු පියණන් වහන්සේ ප්‍රකාශ කරනවා ” මහණෙනි මොනවද ඔය බන්ධන ඔයිටත් වැඩිය සිය දහස් ගුණයක් වැඩි බන්ධනය තමයි ධන ධාන්‍ය, අඹුදරුවන් පිලිබද තණ්හා වශයෙන් ඇති ක්ලේශ බන්ධනය. නමුත් එබඳු ඒ බරපතල බන්ධනය පවා අතීතයේ පුරාණ පඬිවරු සිඳලා දමලා හිමවතට ගිහිල්ලා පැවිදි දම් රැක්කා’ය කියලා ඊලගට ජාතක කථාවක් බුදු පියාණන් වහන්සේ ඒ නිමිත්තෙන් ප්‍රකාශ කොට වදාළා…..
.
Sep
15
Adaththadana – Dasha Akusal (2-10) – Ven Rerukane Chandawimala Thero
දශ අකුසලයේ – (2 – 10) අදත්තාදානය
මහනාහිමියන් විසින් රචිත බෞද්ධයගේ අත්පොත නම් කෘතියෙන් දශ අකුසලය සම්බන්දව පලකර කොටසින් (පිටු අංක 57 සිට 65) පිටපත්කර ඉදිරිපත් කරනලදී. දස අකුසල් අතරින් ද දෙවැනි අකුසළය වන අදත්තාදානය ගැන සදහන් ඉතාමත් අගනා විස්තරය උන්වහන්සේට උපහාරයක් පිණිස සහ සියල්ලන්ගේ ධර්මාවබෝධය පිනිස ඉදිරිපත් කරමී. ඉතිරි අකුසල ධර්මය කොටස් වශයෙන් ඉදිරි සති වලදී පලකෙරෙණු ඇත.
සොරකම් කරන්නා මෙලොවදී නින්දා අපහාස ලබයි. සමාජය විසින් ඔහු පිළිකුල් කරයි. ඔහුව ගරහයි. එසේම නීතියෙන් දඬුවම් ලබයි. පරලොවදී සතර අපායේ උපදී. ආත්මවලදී දුගී දුප්පත්ව උපදී. දහම් දැනුම ලැබ ගුණ දහම් වලින් සන්නද්ධ වූ දැහැමි ආකල්පයන්ගෙන් පිරිපුන් තැනැත්තා අදත්තාදානයෙන් වළකී.
බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. Download
.
-