Apr
05

Anupassana (188) – Ven Katukurunde Ñāṇananda Thero

compress_sasara  අනුපස්සනා  - පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

‘‘ජාතිමරණසංසාරං , යෙ වජන්‌ති පුනප්‌පුනං; ඉත්‌ථභාවඤ්‌ඤථාභාවං, අවිජ්‌ජායෙව සා ගති.
‘‘අවිජ්‌ජා හායං මහාමොහො, යෙනිදං සංසිතං චිරං; විජ්‌ජාගතා ච යෙ සත්‌තා, න තෙ ගච්‌ඡන්‌ති පුනබ්‌භව’’න්‌ති. ද්‌වයතානුපස්‌සනා සූත්‍රය – ඛුද්‌දකනිකාය-සුත්‌තනිපාතය, මහාවග්‌ගො.English version

ජීවිතය කියන්නේ උපතත්, මරණයත් අතර කාලපරිච්ඡේදයයි. සංසාරය කියන්නේ උපතත් මරණයත් අතර කරකැවිල්ලයි. මේ දෙක අතර සම්බන්ඳතාව මතුකර දක්වන අන්දමේ ගාථා දෙකක් තමයි අද මේ ධර්ම දේශනයට පාදක කර ගත්තේ.  

හණෙනි සම්බෝධිය කරා ගෙනයන යම් ආර්‍ය න්‍ය්ර්‍යානික කුසල ධර්ම වෙත්නම් ඒවා ශ්‍රවනය කිරීමෙන් ලැබෙන ආසන්න ප්‍රතිඵලය කුමක් ද කියා යම් කෙනෙක් ඇසූවිට, මෙසේ පිළිතුරු දිය යුතුයි.  ‘යාවදෙව ද්‌වයතානං ධම්‌මානං යථාභූතං ඤාණායා’ - යුගළ වශයෙන් පිහිටි ධර්මයන්ගේ යතාභූත අවබෝධය සදහාය’ ඊලගට බුදුරජාණන් වහන්සේ මෙසේ අසනවා ‘කිඤ්‌ච ද්‌වයතං වදෙථ?කුමක් ද මේ ද්වේතාව කියන්නේ? 

‘‘ඉදං දුක්‌ඛං, අයං දුක්‌ඛසමුදයොති අයඒකානුපස්‌සනා. – මෙය දුකය, මේ දුකේ හටගැනීම යනු ඒකානුපස්සනාවයි’ ‘අයං දුක්‌ඛනිරොධො, අයං දුක්‌ඛනිරොධගාමිනී පටිපදාති, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා ද්‌වයතානුපස්‌සිනො’ - ……….

ඉන්පසු බුදුරජාණන් වහන්සේ සංඝයාවහන්සේලාට මෙසේ වඳාළ සේක. ‘ යම් කෙනෙකු ඇසුවොත් මැනවින් ද්වේතානූපස්සනාව යෙදීමේ තවත් ක්‍රමයක් තිබේ ද කියා. තියෙනවා කියා ප්‍රකාශ කළ යුතුය…..කුමක් ද එම ක්‍රමය??? 

මේ සූත්‍රයේ අනුපස්සනා දහසයක්ම අඩංගු වෙනවා. එහි විශේෂත්වය වන්නේ හැම අනුපස්සනාවක් ම  වාගේ ………….

එම සූත්‍ර දේශනාවේ තුන්වෙනි අනුපස්සනාවයි අප අද මාතෘකාවට ගත්තේ…. 


Download

.


Sep
11

Maitre Bhavanawa – Ven Katukurunde Ñāṇananda Thero

මෛත්‍රී භාවනාව -  පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

මෛත්‍රී භාවනාව වඩන්නේ කෙසේ ද? කොපමන උත්සාහ කළත් ඔබට මෛත්‍රී භාවනාව වැඩෙන්නේ නැද්ද? ඔබට මෛත්‍රී භාවනාවෙන් ප්‍රතිලාභ ලැබී නැද්ද?…………

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බෞද්ධ භාවනාවන් පසුකාලීනව නො යෙකුත් සංකීරත්වයට පත්වී අප බෞද්ධයන් අතරින් කෙමෙන් ඈති වී යන මෙවන් කාලයක, එමෙන්ම අද විලාසිතාවක්ව පවතින භාවනාව නැවත බුදුරජානන් වහන්සේගේ බුද්ධ වචනය අප බෞද්ධයන් අතරට ගෙන ඒමට නිහඩව මහගු සාසනික සේවාවක් සිදු කරන්නට යෙදුනා වූ පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමිපානන් වහන්සේ විසින් නිවන් අරමුණු පිණිසම දේශිත මෙම ධම්ම දේශනාව ඔබට මෛත්‍රී භාවනාව වැඩීමට මහත් උනන්දුවක් ඇති කරනවා නිසැකය.

මේ මහගු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන අප බුදුරජානන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ගැඹුරු ධර්මයන් බුදුරජාණන් වහන්සේ විසින්ම නිර්මල වූ සරලත්වයෙන් දේශනා කල අයුරු වටහා ගනිත්වා.     

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !


Download

.



Sep
19

Manase Mayawa – Ven Katukurunde Nanananda Thero

මනසේ මායාව – කාළකාරාම සූත්‍රයෙහි අර්ථ විවරණයකිපූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

කාළකාරාම සූත්‍රය මෙකල නම් ජනප්‍රිය සූත්‍රයක් ලෙස හැඳින්විය නොහේ. මෙකල එය ධර්ම දේශනාවකට මාතෘකා කරගනු ලබන්නේ ද කලාතුරකිනි. මෙම සූත්‍රය කළුවර මුල්ලකට තල්ලු වී ඇත්තේ එහි සංක්ෂිප්ත භාවයත්, නුහුරු නුපුරුදු චතුෂ්කෝටි තර්කන්‍යායට ඇති සබඳතාවත් නිසා ය. ‘උඩින් පල්ලෙන් කියවා ගෙනයන පාඨකයකුට සූත්‍රය දිස්වන්නේ ශුෂ්ක වාක්‍යඛණ්ඩ රටාවක් හා ඇදහිය නො හැකි කියමන් වැලක් ලෙසට ය.

එතකුදු වූවත් බාහිර සැකැස්මේ පෙනෙන ඒ ශුෂ්ක බවටත් අද්භූත බවටත් යටින් සනාතන සගයකින් යුතු දර්ශනයක් ගොඩනගා ගැනීමෙහිලා උපයෝගි කරගත හැකි සාරධර්ම රැසක් සූත්‍රයෙහි අන්තර්ගතව ඇත.

“…….මහණෙනි, යම්සේ මායාකරුවෙක් (විජ්ජාකරුවෙක්) හෝ මායාකරුවකුගේ අතවැස්සෙක් හෝ සිව්මංසලෙක මායාවක් දක්වන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මායාව දකින්නේ ය, සිතා බලන්නේ ය, නුවණින් පිරික්සන්නේ ය, දකින, සිතාබලන, නුවණින් පිරික්සන ඔහුට එය හිස්වූවක් සේම වැටහෙන්නේ ය. බොල්වූවක් සේම වැටහෙන්නේ ය. හර නැත්තක් සේම වැටහෙන්නේ ය. කිමෙක්ද, මහණෙනි, මායාවක ඇති හරය?

තියුණු විමසුම් ඇසින් විජ්ජාකරුගේ හැම අංගචලනයක්ම බලා සිටින ඔබට ඔබේ ප්‍රියතම විජ්ජාකාරයාගේ විස්මජනක ප්‍රාතිහාර්‍යවල රහස් එකිනෙක හෙලිවෙයි..…..


Download


Download


Download

ඉතිරි බණ සවන් දීමට/බා ගැනීමට පහතින් ඇති 2 වන  පිටුවට ප්‍රවේශ වන්න.


Pages: 1 2

Dec
05

Nama,Ruupa saha sathara Sathipattanaya (9)– Ven Katukurunde Ñāṇananda Thero

නිබ්බාන දෙසුම් පෙලේ 9 වෙනි දේශනය (දෙසුම් 33 කින් සමන්විත) - පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

සංසාරගත සත්වයා මේ භව නාටකයේ දක්වන නිස්සාර ශූන්‍ය විකට රැගුම සම්බන්ධයෙන් ඒ විකට රැගුම සතිපට්ඨාන සූත්‍රයට අනුව ඉරියව් පවත්වන යෝගාවචරයාට ක්‍රමක් ක්‍රමයෙන් ප්‍රකට වන ආකාරය ගැන තරමක් දුරට පසුගිය දේශනයේ (8වෙනි දේශනය) දී විස්තර කලා.

නාමය, රූපයෙහි සෙවනැල්ලක් පමණක් බව හෙලි වන්නේ රූපයෙහි පදනම වන ධාතූන් ශූන්‍ය වශයෙන් බලමින් යෝගාවචරයා ඒ භාවනාවේ ඉරියව් පවත්වන අතරේ දී බව අප සදහන් කළා. එලෙස ඉරියව් පැවැත්මේ දී, අර නාම ධර්මයන් රූපය ඇසුරු කොට පවතින බව දැනෙන්න පටන් ගන්නවා සතර මහභූතයන් ශූන්‍ය වශයෙන් වැටහීමෙන්…….

9 වෙනි දේශනය


Download

.


Older posts «