Feb
04

Anagarika Dharmapala is a Great National Hero

Anagarika Dharmapala shines as the brightest star among many other

distinguished stars of the galaxy of heroes

 “Of the many heroes who are remembered in numerous ways and who will live in our hearts and minds of a grateful nation, Anagarika Dharmapala shines as the brightest star among many other distinguished stars of the galaxy of heroes”.

Why?

“Awake ! Oh Sinhalese !”, was his cry from town to town, village to village. He shook Ceylon with his oratorical wrath and the use of the media to reach the masses, setting up his own press and writing copious articles to newspaper and Buddhist journals, in Sinhala and English, here and in England. He was the writer, printer, publisher. It worked. The Sinhalese got up again.

Read
Download


Sep
18

Anagarika Dharmapala Thuma

ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහණ ය. එහෙත් වීරෝදාර ශ්‍රේෂ්ඨයන්ගේ ප‍්‍රමාණය අල්පය. සැබවින්ම ඔවුන්ගේ සුලභකමක් වේ නම් විශේෂත්වයක් ද නැත. වර්තමාන ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික, අධ්‍යාපනික ආදී විවිධ ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රබෝධයේ පුරෝගාමී වූයේ ශ්‍රී මත් අනගාරික ධර්මපාලතුමා ය. එතුමා සිය වස්තුවද, ජීවිතය ද ඒ සියල්ල වෙනුවෙන් කැප කරන්නට අධිෂ්ඨාන කර ගත්හ.


Nov
12

Hewavitarne Industrial School

Anagarika Dharmapala

Many people remember Anagarika Dharmapala for his religious zeal. But there was another aspect to this national figure – his practical vision regarding the alleviation of poverty. The Hewavitarna School, though neglected now, remains a testament to this vision.

Few associate the Hewavitarne School, a rather nondescript building in Rajagiriya with one of Sri Lanka’s foremost religious figures, Anagarika Dharmapala. Today, though neglected, the school remains a testament to the Anagarika’s pragmatic vision, an aspect of this great man often overshadowed by his religious zeal.

In an era when the Sinhalese were succumbing to the pressures of the British Raj, and nothing was being done to overcome their lethargy and passive submission, rose the voice of Anagarika Dharmapala who waged a historical struggle for freedom and to gain the rights over Buddhagaya, the revered birth place of Gauthama Buddha.

Read
Download

Feb
04

King Dutugemunu (Dushtagamini Vasthuwa) – Saddharmalankaraya

දුටුගැමුණුරජතුමා (දුෂ්ටගාමිණී වස්තුව  -සද්ධර්මාලංකාරය)

ඔබට අපට ඉතිහාසය පාඩමේ දී තුන්සිංහලයම ඵක්සේසත් කල පලමු මහා නිරිදාණන් දුටුගැමුණුරජතුමා ගැන ඉගැන්වූයේ, නැතනම් වඩා හැදින්වූයේ ඵළාර රජ පරදා චෝළ අධිරාජයාගෙන් ලාංකීය ජනතාවත් සිංහල ‍බොදු ජනතාවත් රැක ගත් වීරයා බවත්විදේශීය ආක්‍රමණ වලින් රට ආරක්ෂා කර ගනිමින් සශ්‍රික රාජ්‍යයක් බිහිකිරීමෙහිලා මෙතුමා විශාල කාර්යක් ඉටුකරන ලද බවත් ය. නමුත් එතුමාගේ අධ්‍යාත්මික පසුබිම සහ එතුමා ලංකාදීපයේ පහල වූයේ අහබු ලෙස නොවන බවත්, හුදෙක් සම්බුද්ධ සාසනය මතු පරපුරට රැක දීමේ ක්‍රමවත් වැඩපිලිවෙලක් මත බවත් නිතර කථාබහට ලක්වන්නක් නොවීම අපගේ අනාගතය බාර ගන්නට සිටිනා මේ මතු පරපුරට කරන ලොකු වරදකි.

අඩු වශයෙන් බුද්ධාගම උගන්වන ගුරුවරුන් /දහම් පාසැල් ගුරුවරුන් වත් පාසැලේ/දහම් පාසැලේ මෙවැනි වීරවරයන්ගේ අධ්‍යාත්මික පැත්ත ගැන කථිකාවන් ඇති කිරීම අපගේ බුද්ධ ශාසනය හා එකට බැදී පවතින ලංකාදීපය ගැන ජාතිකාභිමානයක් අපගේ දරුවන්ගේ හද තුල ජනිත කිරීම තුලින් අපගේ බුද්ධ ශාසනය මතුවටත් රැකගත හැකි වන බව ස්ථීරය.

ඒ දුටුගැමුණු රජ්ජුරුවෝ වනාහි මහාද්‍රකල්පයට එකාසංඛ්ය්‍යය කප් ලක්ෂයකින් යට වර නම් කල්පයෙහි ලොව පහළවූ අනොමදස්සී නම් බුදු සමයෙහි ඉපිද, එක් දවසෙක බණ අසන පිණිස විහාරයට ගියහ. එකල බුදුහු සවනක් රසින් දිලිහි දිලිහි සිව්වනක් පිරිස මැද බුද්ධාසන මස්තකයෙහි වැඩහිද නිසභ නම් මහතෙරුන් වහන්සේගේ ගුණ නුවණ වර්ණාකොට වදාරා උන්වහන්සේට දකුණත්සව් තනතුරු දුන්සේක. එකල මේ දුටුගැමුණු රජ්ජුරුවෝ එපවත් දැක මම ද මතු මේ නිසභ නම් මහතෙරුන් වහන්සේ සේම එක් බුදුකෙනකුන් වහන්සේගේ ශාසනයේ දකුණත් සවු වෙම්ව” යි ප්‍රාර්ථානා කොට එතැන් පටන් ඒකාසංඛෙය්‍යය කප්ලක්ෂයක් මුළුල්ලෙහි දාන ශීලාදී වශයෙන් බොහෝ කුශල සම්භාරයන් රැස්කෙරෙමින් ජාතියෙන් ජාතියෙහි දිව්‍ය මනුෂ්‍ය සම්පත් විඳ මෙම ලංකාදීපයෙහි ඉපිද……………

සූවිසි අවුරුද්දක් මුළුල්ලෙහි දශරාජධර්මයෙන් රාජ්‍ය කොට ආයු කෙලවර තව්තිසා භාවනේ ඉපිද, අපමණ දිවඉසුරු වළදා මෛත්‍රී බුදුන් සමයෙහි මිනිස් ලොව ඉපිද සසුන් වැද මහණ ව දකුණත්සව් තනතුර ලැබ බුදුසසුන් බබුළුවා අමාමහ නිවන් දකිති.

අනාගත මෛත්‍රී බුදුන් කළ උන්වහන්සේගේ දකුණත් සව්ලෙස දුටුගැමුණු රජතුමාද වමත් සව්ලෙස සද්ධාතිස්ස රජතුමාද කාවන්තිස්ස රජතුමා සහ විහාරමහා දේචිය අනාගත මෛත්‍රී බුදුන්ගේ මව සහ පියා බවද සදහන් වෙයි.

සද්ධර්මාලංකාරය නමැති පොතෙන් මෙම දුටුගැමුණු කථාවස්තුව පිටපත් කරන ලද පිටු කීපය (අංක 429 සිට 460) කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

Read
Download

 

 

===============================================================

මෙම සම්පූර්ණ සද්ධර්මාලංකාරය පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක. 

http://www.dhammikaweb.com/?p=10190

.

 


Older posts «