Apr
15

Sasun Piliwetha – Ven Katukurunde Ñāṇananda Thero

compress_Captureසසුන් පිළිවෙත – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි                                                

අපි කල්පනා කරන්න ඕනෑ ශ්‍රමණකෘත්‍යය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ බුදුවීම තුළින්, සම්බෝධිය තුළින්, ලෝකයාට ඉදිරිපත් කළේ. අපි බුදුරජාණන්වහන්සේ හඳුනාගත්  බව  කියන්නේ එතකොටයි. බුදුකෙනෙක් පහළවෙනකන් අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් බලාගන හිටියේ මොකද? ඒ කට්ටියට තෝරගන්න බැරිව තිබුන යම්කිසි ගැටළුවක් තිබුනා. ඒ අයට පෙනුන- ඔය ධ්‍යාන අභිඥා දියුණු කරගත්තු ඒ ශ්‍රමණයින්ට පෙනුනා- සියදහස් ගණන් අතීත ජාති. මේ සංසාරයේ දීර්ඝකාලයක් අපි ඇවිල්ලා තිඛෙනවා. ඒ පෙනුනේ හරියට ගෙයින් ගෙයකට යන්නා වගේ. ආත්ම සංඥාව. ඒ මිථ්‍යා වැරදි අදහසක් එතැන තිබුනේ සකකාය දිටඨිය නිසා. මම මෙන්න මේ මේ ආත්මවල මෙන්න මෙහෙම ගියා කියල. ඊට එහාට ඉතින් මේක සසර දුකක් බවත් එක්තරා ප්‍රමාණයකට තේරුනා. නමුත් මේකෙ විසඳුමක් ඒ අයට පෙනුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ පමණයි එතකොට චතුරාර්ය සත්‍යය තුළින්, ඒ පටිචචසමූපපාද ධර්මය තුළින්, මෙතෙක් ලෝකයේ කිසිවෙක් ඉදිරිපත් නොකළ ඒ ගැඹුරු ධර්මය තුළින්, ලෝකයේ යථාස්වභාවය ලෝකයාට හෙළිකළේ.

ශාසනයක් රකිනවා නම් ශාසනය හඳුනාගන්න ඕන. එතකොට ඒ සඳහා උපකාරවන යම් යම් ධර්ම කාරණා මේ දේශනාව තුළින් දැනගන්න ලැබුනා කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට තම තමන්ගේ අර කියාපු ශ්‍රද්ධාව නැතිකරගන්නේ නැතිව. ශ්‍රද්ධාව වඩාගෙන මේ ධර්ම මාර්ගයේ යන්න උත්සාහවත් වෙන්න ඕන. මෙතෙක් මේ අද දවසේ තමන්ගේ ප්‍රමාණයෙන් ඒ රැක්ක සීලය, කළ භාවනාව, මේ ඇසූ ධර්මය, ලබාගත්තු පිහිට උපකාර කරගෙන මේ පින්වතුන් තමතමන්ගේ භාවනා මස්තකප්‍රාප්ත කරගෙන මේ ශාසන පරිහානියට කලින් සෝවාන් සකදාගාමී අනාගාමී අර්හත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන් උතුම් අමාමහ නිවන සාක්ෂාත් කරගැනීමට අධිෂ්ඨාන කරගන්න ඕන. ඒකට උපනිශ්‍රය කරගන්න ඕන. අවීචියේ සිට අකනිටාව දක්වාවූ යම්තාක් සත්ත්වකෙනෙක් මෙවැනි ධර්මදේශනා ශ්‍රවණය කිරීමට, අනුමෝදන්වීමට, කැමති නම් ඒ අනුමෝදන්වීම තුළින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියත් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. මේ ගාථා කියන්න.

Read
Download

.


Aug
29

Abinikmana – Ven Katukurunde Ñāṇananda Thero

අබිනික්මනපූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

ඈත ජනපදවලින් බුදු පියාණන් වහන්සේ දකින්න වැඩම කළ සංඝයා වහන්සේලා පිරිසක් පසු දවසේ පිණ්ඩපාතයේ වඩින අතරේ බන්ධනාගාරයට ගිහිල්ලා සොරුන් දැකලා ලොකු සංවේගයකට පැමිණිලා ඇවිත් බුදුරජාණන් වහන්සේට කියනවා “භාග්‍යවතුන් වහන්ස, අද අපි පිණ්ඩපාතයේ වඩින අතර හිර ගෙදර හිර කරපු අය බැඳලා ඉන්නා ආකාරය දැක්කා. ඒ අය ඉතාමත් දුක් විඳිනවා ඒ බන්ධන කඩා ගන්න බැරිව. ඒ විදිහට දුක් රාශියක් මැද්දේ වෙනවා දැක්කා.

භාග්‍යවතුන් වහන්ස මීටත් වඩා දැඩි බන්ධන තිබෙනවා ද ලෝකේ? කියලා ඇහුවා. එතකොට බුදු පියණන් වහන්සේ ප්‍රකාශ කරනවා ” මහණෙනි මොනවද ඔය බන්ධන ඔයිටත් වැඩිය සිය දහස් ගුණයක් වැඩි බන්ධනය තමයි ධන ධාන්‍ය, අඹුදරුවන් පිලිබද තණ්හා වශයෙන් ඇති ක්ලේශ බන්ධනය. නමුත් එබඳු ඒ බරපතල බන්ධනය පවා අතීතයේ පුරාණ පඬිවරු සිඳලා දමලා හිමවතට ගිහිල්ලා පැවිදි දම් රැක්කා’ය කියලා ඊලගට ජාතක කථාවක් බුදු පියාණන් වහන්සේ ඒ නිමිත්තෙන් ප්‍රකාශ කොට වදාළා…..

Download

.


Aug
09

Aggañña Sutta – Digha Nikaya, Patakavaggo

compress_Abassaraඅග්ගඤ්ඤ සුත්‍රය -දීඝනිකාය, පාථිකවග්‌ගපාළි

පෘථිවියේ ජීවයේ සම්භවය ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන්

ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතව මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතළත් වෙති.  වාසෙටඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීරග කාලයෙක්හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.

වාසෙටඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ග කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රඵ ගතියද ඇතිවිය. වරණයාගේ වෙනස්වීමද පෙණුනේය. වරණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැතිවී ගියේය. පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාව මෙසේ ඇතිවිය.

Read
Download

අග්ගඤ්ඤ සූත්‍රය පාළියෙන්

.


Feb
11

Akusal sith 12

 අකුසල් සිත් 12

අභිධර්මාර්ථ ප්‍රදීපිකා (පළමුවන කාණ්ඩය)දොස්තර අමරදාස රත්නපාල මහතා (පිටු අංක 31 සිට 34 දක්වා) පිටපත් කර ඉදිරිපත් කරන ලදී.

අකුසල් කිරීමට මෝහය ප්‍රධාන හේතුවකි. මෝහය නැති විටක අකුසලයකුත් නැත. මෝහය නම් අන්ධකාරයක් සේ අරමුණු ස්ව්භාවය මුවහ කරන ගතියයි. මෝහයෙන් මුළාවූ සිතට ඇත්ත යුත්ත, සත්‍යය අසත්‍යය, වරද නිවරද, නො දැනේ.

එහෙයින් ඒ සිතින් අයහපතක්, වරදක් පාපයක් මිස යහපතක් කළ නො හැකිය. එබැවින් සෑම අකුසල සිතකම මෝහ මූලය ඇති වේ.

Read
Download

සම්පූර්ණ අභිධර්මාර්ථ ප්‍රදීපිකා පොත http://www.dhammikaweb.com/?p=1695 මෙම වෙබ් පිටුවෙන් බා ගත හැක.

.

 


Older posts «