Dec
18

Demapiyo – Ven Kudagala Kovida Himi

අපි දෙමාපියන්ට සලකමු

අද සමාජයේ බොහෝ දෙනෙක් දෙමාපියන්ට සලකන්නේ නෑ අම්මා කියන්නේ ගෙදර සිටින්නා වු දෙවනි බුදුන්ට සමාන කර ඇත නමුත් අදවන විට එය හාත්පසින්ම වෙනස් තත්වයක් මතු වී ඇත මොකද තාත්තාට අම්මාට ගහල පන්නන සමාජ වටපිටාවක් පවතින බැවින් නමුත් යතාර්තය නම් දෙමාපියන් අපව හදාවඩාගෙන අපට නිසි අධ්‍යාපනයක් දී අපට නිසිමග පෙන්වීමක් කරන්නේද අපේ අම්මා හා තාත්තාය නමුත් දරුවන් උස්මහත්වී තනියෙන් ජීවිතය ගතකරන විට  තමන් ඒ තත්වයට ආවේ කෙසේද යන්න අද වන විට දරුවන්ට අමතක වන සමාජයකි.

වැඩිහිටි නිවාස ඉදිවෙන්නේ ඇයි? මේ තත්වය අද වන විට උදාවෙලා තියෙන්නේ දෙමාපියන්ට නොසලකන පුද්ගලයින් සමාජයේ සිටින නිසාය. ම නිසා තමයි අද වැඩිහිටි නිවාස මහලු නිවාස රට පුරා පැතිර යන්නට එකම හේතුව මෙයයි. මේ තත්වයට ඇද වැටෙන්නේ බෝහෝ දුරට තමන්ට තනියෙම යැපෙන්නට නොහැකි වුන අවස්ථාවක් උදාවුන විටය.

(more…)


Apr
15

Jaya Sri MahaBodhi – Anuradhapura, Sri Lanka

ජය ශ්‍රී මහබෝධීන් වහන්සේ

සිරිමහබෝ ලක්දිවට වැඩමවීමේ විස්තර කථා - මහාවංශය (පිටු අංක 77 සිට 85 දක්වා Pdf 111 )

 සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්‍යක්සම්බෝධියෙන් අට වෙනි වර්ෂයෙහි කැළණි දෙස වූ මණිඅක්ඛිත (නරජුහු ) නිවෙසට වැඩි සේක. එතන්හි ධර්ම දේශනා කොට අහසට නැගී සමන්කුළු මතුයෙහි පා සටහන දැක්වූ සේක. සංඝයා සහිත වූ සේක් ඒ පර්වත පාදයෙහි සැපසේ දිවා විහරණය කොට ස්ථානා ස්ථාන දැන්මෙහි ප්‍රවීණ වූ මහා මුනි තෙම පසුව මහ මෙව්නා උයන පිහිටි තැනට වැඩි සේක. ශ්‍රාවක සංඝයා සහිත වූ ලෝකාස්වාමි තෙම මහ බෝ පිහිටි තන්හි සමාධිය අපර්ණය කළ සේක.  පිටු අංක 5 (72) සිට (82).

එසේ නම් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩසිටිනා මේ උතුම් පින් බිම බුදු පහස ලැබුවා වූ සමාජයේ ජාතික සංකේතය වන්නේ ය.  ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අනුස්මරණය කරමින් රජ දරුවන් ප්‍රමුඛ කර ගෙන උඳුවප් පොහොය දිනවලදී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වෙත දිවයිනේ දස දෙසින් මහ ජනතාව පැමිණ මහ බෝ වන්දනාව සිදු කොට තම මුතුන් මිත්තන්ට පුණ්‍යානුමෝදනා කිරීම හා රටට ජාතියට ආශිර්වාද කිරීම අතීතයේ සිට පැවත එන උතුම් ජාතික උත්සවයකි. 

විවිධ ආක්‍රමණ නිසා සිංහල රාජධානිය දකුණට සංක්‍රමණය වෙද්දී ගිහි පැවිදි ජනතා නායකයන් ගෙන් අනුරපුරය ශූණ්‍ය විය. මහා විහාරය ආදී වෙහෙර විහාර නටබුන් විය. එසේ තිබියදීත් කාලිංග මාඝ එලාර වැනි විජාතික පාලකයන්ට හසු වී ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ හා උන්වහන්සේ සම්බන්ධ බෝධි මංග්‍යයන් නොනැසී ආරක්ෂා කරදීම ජාතියේ වාසනාවකි. එම උතුම් මෙහෙවර සිදුකළ ශ්‍රී මහා බෝධි ආරක්‍ෂක ජන පිරිසට ජාතියේ උපහාරය පුදකළ යුතුය.

සර්වඥයන් වහන්සේ විසින් සිදුකරනා ලද ” මහාධිෂ්ඨාන පසක්” -(පිටු අංක 75 දහසය වන පරිච්ඡේදය) මෙහි පලමු පිටුවේ සදහන් කර ඇත. මෙම මහාධිෂ්ඨාන පස ට අපගේ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ , ථූපාරාම සෑ රජුන්, මහසෑය (රුවන්වැලි සෑ රජුන්) ඇතුලත් වී තිබීමම ශ්‍රී ලාංකිකයන් වන අප වාසනාවන්ත ජාතියකි. මෙය අවබොධයෙන් කියවා අපහට අමතක වී යන අපගේ ඒ ප්‍රෞඩ ඉතිහාසය නැවත මතක් කර ගනිමින් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙ‍ම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කිරීමට අවශ්‍යය ශක්තිය වීර්‍ය ලැබේ වා! 

අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !  චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං !

තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා ! මේ පින් අනුමෝදන් වෙත්වා !

මහාවංශය පොතෙන් සිරිමහබෝ ලක්දිවට වැඩමවීමේ විස්තර කථා සදහන් පිටපත්කරන ලද පිටු කීපය (පිටු අංක 77 සිට 85 දක්වා Pdf 111 ) කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

 

Read
Download

.===========================================================================

මෙම සම්පූර්ණ මහාවංශය පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

Download

.


Feb
04

King Dutugemunu (Dushtagamini Vasthuwa) – Saddharmalankaraya

දුටුගැමුණුරජතුමා (දුෂ්ටගාමිණී වස්තුව  -සද්ධර්මාලංකාරය)

ඔබට අපට ඉතිහාසය පාඩමේ දී තුන්සිංහලයම ඵක්සේසත් කල පලමු මහා නිරිදාණන් දුටුගැමුණුරජතුමා ගැන ඉගැන්වූයේ, නැතනම් වඩා හැදින්වූයේ ඵළාර රජ පරදා චෝළ අධිරාජයාගෙන් ලාංකීය ජනතාවත් සිංහල ‍බොදු ජනතාවත් රැක ගත් වීරයා බවත්විදේශීය ආක්‍රමණ වලින් රට ආරක්ෂා කර ගනිමින් සශ්‍රික රාජ්‍යයක් බිහිකිරීමෙහිලා මෙතුමා විශාල කාර්යක් ඉටුකරන ලද බවත් ය. නමුත් එතුමාගේ අධ්‍යාත්මික පසුබිම සහ එතුමා ලංකාදීපයේ පහල වූයේ අහබු ලෙස නොවන බවත්, හුදෙක් සම්බුද්ධ සාසනය මතු පරපුරට රැක දීමේ ක්‍රමවත් වැඩපිලිවෙලක් මත බවත් නිතර කථාබහට ලක්වන්නක් නොවීම අපගේ අනාගතය බාර ගන්නට සිටිනා මේ මතු පරපුරට කරන ලොකු වරදකි.

අඩු වශයෙන් බුද්ධාගම උගන්වන ගුරුවරුන් /දහම් පාසැල් ගුරුවරුන් වත් පාසැලේ/දහම් පාසැලේ මෙවැනි වීරවරයන්ගේ අධ්‍යාත්මික පැත්ත ගැන කථිකාවන් ඇති කිරීම අපගේ බුද්ධ ශාසනය හා එකට බැදී පවතින ලංකාදීපය ගැන ජාතිකාභිමානයක් අපගේ දරුවන්ගේ හද තුල ජනිත කිරීම තුලින් අපගේ බුද්ධ ශාසනය මතුවටත් රැකගත හැකි වන බව ස්ථීරය.

ඒ දුටුගැමුණු රජ්ජුරුවෝ වනාහි මහාද්‍රකල්පයට එකාසංඛ්ය්‍යය කප් ලක්ෂයකින් යට වර නම් කල්පයෙහි ලොව පහළවූ අනොමදස්සී නම් බුදු සමයෙහි ඉපිද, එක් දවසෙක බණ අසන පිණිස විහාරයට ගියහ. එකල බුදුහු සවනක් රසින් දිලිහි දිලිහි සිව්වනක් පිරිස මැද බුද්ධාසන මස්තකයෙහි වැඩහිද නිසභ නම් මහතෙරුන් වහන්සේගේ ගුණ නුවණ වර්ණාකොට වදාරා උන්වහන්සේට දකුණත්සව් තනතුරු දුන්සේක. එකල මේ දුටුගැමුණු රජ්ජුරුවෝ එපවත් දැක මම ද මතු මේ නිසභ නම් මහතෙරුන් වහන්සේ සේම එක් බුදුකෙනකුන් වහන්සේගේ ශාසනයේ දකුණත් සවු වෙම්ව” යි ප්‍රාර්ථානා කොට එතැන් පටන් ඒකාසංඛෙය්‍යය කප්ලක්ෂයක් මුළුල්ලෙහි දාන ශීලාදී වශයෙන් බොහෝ කුශල සම්භාරයන් රැස්කෙරෙමින් ජාතියෙන් ජාතියෙහි දිව්‍ය මනුෂ්‍ය සම්පත් විඳ මෙම ලංකාදීපයෙහි ඉපිද……………

සූවිසි අවුරුද්දක් මුළුල්ලෙහි දශරාජධර්මයෙන් රාජ්‍ය කොට ආයු කෙලවර තව්තිසා භාවනේ ඉපිද, අපමණ දිවඉසුරු වළදා මෛත්‍රී බුදුන් සමයෙහි මිනිස් ලොව ඉපිද සසුන් වැද මහණ ව දකුණත්සව් තනතුර ලැබ බුදුසසුන් බබුළුවා අමාමහ නිවන් දකිති.

අනාගත මෛත්‍රී බුදුන් කළ උන්වහන්සේගේ දකුණත් සව්ලෙස දුටුගැමුණු රජතුමාද වමත් සව්ලෙස සද්ධාතිස්ස රජතුමාද කාවන්තිස්ස රජතුමා සහ විහාරමහා දේචිය අනාගත මෛත්‍රී බුදුන්ගේ මව සහ පියා බවද සදහන් වෙයි.

සද්ධර්මාලංකාරය නමැති පොතෙන් මෙම දුටුගැමුණු කථාවස්තුව පිටපත් කරන ලද පිටු කීපය (අංක 429 සිට 460) කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

Read
Download

 

 

===============================================================

මෙම සම්පූර්ණ සද්ධර්මාලංකාරය පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක. 

http://www.dhammikaweb.com/?p=10190

.

 


Aug
08

Rahula Leads the Way

Rahula Leads the Way

Rahula leads the Way. The Adventures of Leo: a delightful Buddhist story that describes the adventures the little boy Leo has when he meets the young monk Rahula. Thanks to Rahula’s monk’s training and good sense, Leo learns how to be the best little boy possible.

This cute little story on Buddhanet and read it to your children. It was easy for six year-old to understand and even little ones (4 & 3)  they will enjoy  photos, eagerly point out the Buddha and recognizing taking refuge. After you read it, it is better to  spend a few minutes talking.

Read
Download